සලේ අද පස්වරුවේ රෝහලෙන් නැවතත් සීඅයිඩීයට..
1 min read
පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් සිදු කරන ලද විමර්ශනයට අදාලව රැදවුම් නියෝග මත සිටින රාජ්‍ය බුද්ධි අංශයේ හිටපු අධ්‍යක්ෂ සුරේෂ් සලේ අද (06) පස්වරුවේ ජාතික රෝහලෙන් මුදා හැර නැවත අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ රැඳවුම් භාරයට පත් කිරීමට අපේක්ෂා කරන බව අතිරේක සොලිස්ටර් ජනරාල් දිලිප පිරිස් කොටුව මහේස්ත්‍රාත් පසන් අමරසේන හමුවේ අද (06) දන්වා සිටියේය.
වෛද්‍යවරුන් වෙනුවෙන් අධිකරණයේ පෙනී සිටි අතිරේක සොලිස්ටර් ජනරාල් දිලිප පිරිස් පවසා සිටියේ දැනට දින 119 ක කාලයක් සැකකරු ජාතික රෝහලේ ප්‍රතිකාර ලබා සිටි බවත් 2026/9/28 දින ලබා දී ඇති වෛද්‍ය වර්තාවේ සදහන් කරුණු 6ක් දක්වා ඇති බවත්ය.
එම කරුණු අනුව සැකකරු මේ වන විට ජාතික රෝහලේ 42 වාට්ටුවේ සිටින බවත් අද පස්වරුවේ ජාතික රෝහලෙන් මුදා හැරීමට හැකි බවත් අධ්‍යක්ෂකවරයා ඇතුලු වෛද්‍ය මඩුල්ල දන්වා ඇති බවයි අතිරේක සොලිසිටර් ජනරාල්වරයා දන්වා සිටියේ.
සුරේෂ් සලේගේ වෛද්‍ය මණ්ඩලයේ වෛද්‍යවරු 10 දෙනෙකුට අද (06) දින අධිකරණයේ පෙනී සිටින ලෙස අධිකරණය නොතීසි නිකුත් කර තිබුණි.
ඒ අනුව ජාතික රෝහලේ අධ්‍යක්ෂකවරයා ඇතුලු වෛද්‍යවරුන් 9 දෙනෙක් අද (06) අධිකරණයේ පෙනී සිටියහ.
එමෙන්ම, එක් වෛද්‍යවරයෙකු විදේශ ගත වි ඇති බැවින් අධිකරණයේ පෙනී නොසිටින බව දන්වා සිටි අතර, එම නඩුව යළිත් ලබන 21 වැනිදා කැඳවිමට නියමිතය.
