ඥානසාර හිමිගේ නඩුව කල්යයි
1 min read
ඉස්ලාම් දහමට අපහාස කළේ යැයි චෝදනා ලබා සිටින පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට අදාළ නඩුව ලබන 23 වැනිදා යළි කැඳවන ලෙස කොළඹ මහාධිකරණය නියම කළේය.
මෙම නඩුකරය අද (06) කොළඹ මහාධිකරණ විනිසුරු බුද්ධික සී. රාගල මහතා ඉදිරියේ කැඳවනු ලැබීය.
එම අවස්ථාවේදී වරෙන්තුව මත අත්අඩංගුවට ගන්නා ලද ඥානසාර හිමියන්ව ගිහි ඇඳුමින් බන්ධනාගාර නිලධාරීන් විසින් අධිකරණයට ඉදිරිපත් කළේය.
ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ මහාධිකරණ විනිසුරුවරයා මෙම නඩුකරය යළි ලබන 23 වැනිදා කැඳවන ලෙස නියම කළේය.
