October 7, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

විරැකියාව ඉහළට

1 min read

ජන ලේඛන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුවේ වාර්තාවලට අනුව 2026 වර්ෂයේ දෙවන කාර්තුවේ විරැකියා අනුපාතය සියයට 04 දක්වා ඉහළ ගොස් ඇති බව වේ.

මෙය පසුගිය වර්ෂයේ දෙවන කාර්තුවට සාපේක්ෂව සියය 0.2ක ඉහළ යාමක් වන අතර මේ වසරේ පළමු කාර්තුවට සාපේක්ෂව සියයට 0.3ක ඉහළ යාමක් බව සදහන්.

මේ වසරේ දෙවන කාර්තුව තුල මෙරට විරැකියාවෙන් පෙලෙන පුද්ගලයින් සංඛ්‍යාව 340,240ක් ලෙස ඇස්තමේන්තු කර තිබේ.

ඉන් සියයට 6.1ක් කාන්තාවන් වන අතර සියයට 2.8ක් පිරිමි පුද්ගලයින් බව ජන ලේඛන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව සදහන් කළේය.

වැඩිම විරැකියා අනුපාතයක් ඇත්තේ අවුරුදු 15ත් 24ත් අතර වයස් කාණ්ඩවල බව ද සදහන්.

මේ අතර මේ වසරේ දෙවන කාර්තුවේ මෙරට ශ්‍රම බලකාය ද සියයට 50ක් දක්වා ඉහළ ගොස් තිබේ.

එය ගිය වසරේ දෙවන කාර්තුවේ සියයට 49.3ක් ලෙස සටහන්ව තිබු අතර මේ වසරේ පළමු කාර්තුවේ සියයට 49.2ක් ලෙස සටහන්ව තිබුණි.

Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
0
Would love your thoughts, please comment.x
()
x