October 7, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

ඩෙංගු මරණ ඉහළට

1 min read

වසරේ මේ දක්වා කාල සීමාව තුළ සිදු වූ ඩෙංගු මරණ සංඛ්‍යාව 78ක් දක්වා ඉහළ ගොස් තිබේ.

ජාතික ඩෙංගු මර්දන ඒකකයේ දත්තවලට අනුව, මේ වන විට වාර්තා වී ඇති සමස්ත ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 100,871ක් වන අතර, එහි මරණ අනුපාතය 0.077%ක් ලෙස සටහන් වේ.

එමෙන්ම සමස්ත රෝගීන් සංඛ්‍යාවෙන් 52.45%ක් එනම් රෝගීන් 52,906ක් වාර්තා වී ඇත්තේ බස්නාහිර පළාතෙනි.

දිස්ත්‍රික් මට්ටමින් සැලකීමේදී වැඩිම රෝගීන් සංඛ්‍යාවක් ගම්පහ දිස්ත්‍රික්කයෙන් වාර්තා වන අතර එම සංඛ්‍යාව 21,377කි.

ඊට අමතරව කොළඹ දිස්ත්‍රික්කයෙන් රෝගීන් 19,759ක්, මහනුවරින් 7,689ක්, කළුතරින් 6,400ක් සහ මාතර දිස්ත්‍රික්කයෙන් රෝගීන් 6,305ක් වාර්තා වී තිබේ.

මාසික දත්ත දෙස බැලීමේදී, ඔක්තෝබර් මාසයේ ගත වූ දින කිහිපය තුළ ඩෙංගු රෝගීන් 151 දෙනෙකු වාර්තා වී ඇති අතර සැප්තැම්බර් මාසයේදී වාර්තා වූ රෝගීන් සංඛ්‍යාව 5,230කි.

වැඩිම ඩෙංගු රෝගීන් පිරිසක් වාර්තා වී ඇත්තේ ජූලි මාසයේදී වන අතර, එම සංඛ්‍යාව 29,964කි.

මීට අමතරව ජූනි මාසයේදී රෝගීන් 21,533ක් සහ අගෝස්තු මාසයේදී රෝගීන් 10,155ක් ලෙස වාර්තා වී ඇත.

ජනප්‍රිය පුවත්  විදුලි කප්පාදුවක් ගැන පැතිරයන ප්‍රචාරවලට ඇමතිගෙන් පිළිතුරු

මේ වන විට සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාස 37ක් ඩෙංගු අධි අවදානම් කලාප ලෙස හඳුනාගෙන තිබේ.

මදුරුවන් බෝ වන ස්ථාන විනාශ කර පරිසරය පිරිසිදුව තබා ගැනීමට වහාම පියවර ගන්නා ලෙස සෞඛ්‍ය අංශ මහජනතාවගෙන් වැඩිදුරටත් ඉල්ලා සිටී.

Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
0
Would love your thoughts, please comment.x
()
x