ඇමෙරිකානු සම්බාධක ගැන විදේශ අමාත්‍යාංශයෙන් පැහැදිලි කිරීමක්
1 min read
ඉරානයට සම්බන්ධ ඇමෙරිකානු සම්බාධක යටතේ පවතින නෞකාවලට සේවා හෝ සැපයුම් ලබාදීම සම්බන්ධයෙන් ක්‍රියාත්මක වන ඇමෙරිකානු ද්විතීයික සම්බාධක (Secondary Sanctions) ශ්‍රී ලංකාව ඉලක්ක කර ගත් විශේෂ පියවරක් නොවන බව විදේශ කටයුතු අමාත්‍යාංශය පවසයි.
විදේශ කටයුතු අමාත්‍යාංශයේ මාධ්‍ය ප්‍රකාශක සහ අධ්‍යක්ෂ ජනරාල් තුෂාර රොද්‍රිගෝ මහතා මේ බව සඳහන් කර තිබේ.
ඔහු පවසන්නේ ඇමෙරිකාව විසින් අදාළ ද්විතීයික සම්බාධක අගෝස්තු 24 වැනිදා ප්‍රකාශයට පත් කළ බවත්, එම ප්‍රතිපත්තිය ශ්‍රී ලංකාවට හෝ වෙනත් එක් රටකට පමණක් සීමා වූවක් නොවන බවත්ය.Sports news Sri Lanka
ඇමෙරිකානු සම්බාධක යටතේ පවතින නෞකාවකට සේවා සපයන පුද්ගලයන් හෝ ආයතනවලට ඇතැම් තත්ත්වයන් යටතේ ඇමෙරිකානු මූල්‍ය පද්ධතියට ප්‍රවේශය අහිමිවීමේ අවදානමක් පවතින බවද ඔහු සඳහන් කර තිබේ.
මෙම පැහැදිලි කිරීම සිදුකර ඇත්තේ ශ්‍රී ලංකාවට ආසන්න ජාත්‍යන්තර මුහුදේ රැඳී සිටින බව වාර්තා වන ඉරාන සම්බන්ධිත නෞකා කිහිපයක් සම්බන්ධයෙන් පළ වූ වාර්තා අතරතුරය.
ශ්‍රී ලංකා බලධාරීන් මීට පෙර සඳහන් කර තිබුණේ එම නෞකා ශ්‍රී ලංකාවේ භෞමික මුහුදු සීමාවෙන් පිටත පිහිටා ඇති බවත්, ඒ සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව නිරීක්ෂණය කරමින් සිටින බවත්ය. ශ්‍රී ලංකාවේ භෞමික මුහුදු සීමාව වෙරළේ සිට නාවික සැතපුම් 12ක් දක්වා විහිදේ.
මේ අතර, ඇමෙරිකානු භාණ්ඩාගාර දෙපාර්තමේන්තුවේ OFAC විසින් අගෝස්තු 24 වැනිදා ඉරානය සම්බන්ධයෙන් නව සම්බාධක පියවර කිහිපයක් ගෙන ඇති අතර, නාවික සහ නාවික තාක්ෂණ ක්ෂේත්‍රද එහි සම්බාධක ක්‍රියාමාර්ගවලට ඇතුළත් කර තිබේ.Read Travel Guides
OFAC හි පවතින මාර්ගෝපදේශ අනුව, ඉරාන නෞකාවකට ඉන්ධන සැපයුම් මධ්‍යස්ථානයක් ලෙස සේවා සැපයීමද විශේෂ තත්ත්වයන් යටතේ සම්බාධක අවදානමකට ලක්විය හැකිය
