October 7, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

ලෝක වෙළෙඳපොළට අනුව ඉන්ධන මිල වෙනස් කරන්නැයි IMF ශ්‍රී ලංකාවට කියයි..

1 min read

මැදපෙරදිග යුදමය වාතාවරණය, ගෝලීය වෙළඳ අවිනිශ්චිතතාවය සහ එල්නිනෝ කාලගුණික බලපෑම හමුවේ ශ්‍රී ලංකා ආර්ථිකයට නැවතත් අවදානම් මතුවෙමින් පවතින බැවින්, ලෝක වෙළඳපොළේ මිල ගණන්වලට සාපේක්ෂව මෙරට ඉන්ධන මිල වෙනස් වීමට ඉඩ හරින ලෙසත්, පිරිවැය ආවරණය වන පරිදි බලශක්ති මිලකරණය පවත්වාගෙන යන ලෙසත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) ශ්‍රී ලංකාවට දැනුම් දී ඇති බව වාර්තා වේ.

විස්තීරණ අරමුදල් පහසුකම (EFF) යටතේ වන 7 වැනි සමාලෝචනය සම්බන්ධයෙන් වූ කාර්ය මණ්ඩල මට්ටමේ එකඟතාවයට එළඹීමෙන් පසු ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ශ්‍රී ලංකා ප්‍රධානී ඉවාන් පපාජෝර්ජියු (Evan Papageorgiou) මේ බව සඳහන් කළේය.

ලෝක වෙළඳපොළේ ඉන්ධන මිල ඉහළ ගියද, පාරිභෝගිකයන්ට සහන සැලසීම සඳහා පොදු හෝ සීමාවකින් තොර සහනාධාර ලබාදීමෙන් වළකින ලෙසත්, බලපෑමට ලක්වන අඩු ආදායම්ලාභී සහ අවදානමට ලක්විය හැකි පවුල් සඳහා පමණක් සහනාධාර ලබාදීමට කටයුතු කරන ලෙසයි IMF නිර්දේශ කර ඇත්තේ.

ශ්‍රී ලංකා ආර්ථිකය අඛණ්ඩව ස්ථාවර මට්ටමක පවතින බව පෙන්වා දෙන මූල්‍ය අරමුදල, 2026 වසරේ දෙවන කාර්තුවේදී 4.2% ක ආර්ථික වර්ධනයක් වාර්තා කර ඇති බවත්, අගෝස්තු අග වන විට නිල විදේශ සංචිත ප්‍රමාණය ඩොලර් බිලියන 6.9 දක්වා ඉහළ ගොස් ඇති බවත් පෙන්වා දෙයි.

ජනප්‍රිය පුවත්  22ට විරුද්ධ වෙන්න සාධාරණ හේතුවක් නෑ... එමගින් අධිකරණය ශක්තිමත් වෙනවා... 2/3න් සම්මත වුණාම 22 රටේ නිතිය...! - එස්.බී. දිසානායක....

කෙසේ වෙතත්, මැදපෙරදිග අර්බුදය හමුවේ උද්ධමනකාරී පීඩනය වැඩි වුවහොත්, මහ බැංකුව විසින් මුදල් ප්‍රතිපත්තිය තද කිරීමට සූදානම් විය යුතු බවද ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වැඩිදුරටත් අවධාරණය කර ඇත.

Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
0
Would love your thoughts, please comment.x
()
x