October 3, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

ඩීසල්වලින් රුපියල් 66 ක්, පෙට්‍රල්වලින් 52 ක්, සුපර් ඩීසල්වලින් 53 ක් තවමත් පාඩුයි – ඉහළ දැමූ තෙල් මිල ගැන සභාපතිගෙන් ප්‍රකාශයක්

1 min read

ලෝක වෙළදපොලේ මිල සැසදීමේදී මෙරට ඔටෝ ඩීසල් අලෙවි කිරීමට සිදුව ඇත්තේ තවදුරටත් රුපියල් 66 ක පාඩුවක් සහිතව බව ලංකා ඛනිජතෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ.රාජකරුණා අද (01) ප්‍රකාශ කළා.

ඒ ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි සිදුකළ ඉන්ධන මිල සංශෝධනය සම්බන්ධයෙන් අදහස් පළ කරමින්.

එසේම, පෙට්‍රල් ලීටරයකින් රුපියල් 52 ක් සහ සුපිරි ඩිසල් ලීටරකින් රුපියල් 53 ක් තවමත් පාඩු ලබන බවද සභාපතිවරයා කොළඹ අද පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී අනාවරණ කළා.

ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ලංකා ඛනිජතෙල් නීතිගත සංස්ථාව විසින් ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 15 කින්, ඔටෝ ඩීසල් ලීටරයක් රුපියල් 10 කින් සහ සුපිරි ඩීසල් රුපියල් 50 කින් ඉහළ දැමුවා.

මෙවර ඉන්ධන සංශෝධනයේදී සිපෙට්කෝ සුපිරි ඩීසල් මිලේ ඉහළම අගය ද වාර්තා වූ අතර, මීට පෙර එය වාර්තා වී තිබුණේ, පසුගිය 2022 වර්ෂයේදී රුපියල් 520 ක් ලෙසයි.

කෙසේ වෙතත්, ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක මිල සංශෝධනය අනුව, සිපෙට්කෝ සුපිරි ඩීසල් මිල රුපියල් 528 ක් ලෙස සටහන් වනවා.

ජනප්‍රිය පුවත්  බදුල්ල ශික්ෂණ රෝහලේ වෛද්‍යවරයෙකු අතුරුදන් වෙයි

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ මිල සංශෝධනයට සමගාමීව ලංකා IOC සමාගමද සිය ඉන්ධන මිල ගණන් සංශෝධනය කළා.

Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
0
Would love your thoughts, please comment.x
()
x