October 1, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

ශානි, රවී සහ සිරිල් ගාමිණී පියතුමන්ට එරෙහි පෙත්සම් ඉවත දමමින් අගවිනිසුරු කීවේ කුමක් ද?..

1 min read

අධිකරණයට අපහාස කළේ යැයි චෝදනා කරමින් නියෝජ්‍ය පොලිස්පති ශානි අබේසේකර, මහජන ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම් රවී සෙනෙවිරත්න සහ සිරිල් ගාමිණී පියතුමන්ට එරෙහිව ගොනු කර තිබූ පෙත්සම් දෙකක් විභාගයට නොගෙන නිෂ්ප්‍රභ කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කළේ ය.

විශ්‍රාමික ගුවන් හමුදා නිලධාරියෙකු වන ශාන්ත ජයතිලක නමැත්තෙකු මෙම පෙත්සම් ඉදිරිපත් කර තිබිණි.

මෙම පෙත්සම් ඊයේ (සැප්: 28) අගවිනිසුරු ප්‍රීති පද්මන් සූරසේන, අචල වෙංගප්පුලි සහ අර්ජුන ඔබේසේකරගෙන් සමන්විත ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබිණි.

සිරිල් ගාමිණී පියතුමන්ට එරෙහි පෙත්සම

එහිදී මුලින් ම සිරිල් ගාමිණී පියතුමන්ට එරෙහිව ගොනු කර තිබූ පෙත්සම කැඳවන ලදී.‍

එම පෙත්සමට අදාළව පෙත්සම්කාර ශාන්ත ජයතිලක අධිකරණය හමුවේ කරුණු දක්වමින් සිරිල් ගාමිණී පියතුමන් විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ඉදිරිපත් කළ පැමිණිල්ලක අන්තර්ගත කරුණුවලින් අධිකරණයට අපහාසයක් සිදුව ඇති බව පැවසීය.

අදාල පැමිණිල්ල තුළ අසාද් මවුලානාගේ ප්‍රකාශයක් අන්තර්ගත වන බවත් එය තමන්ට ඊ මේල් මාර්ගයෙන් ලැබුණු බවත් සිරිල් ගාමිණී පියතුමන් ප්‍රකාශ කර ඇති බව පෙත්සම්කරු කියා සිටියේ ය.

එම ප්‍රකාශයේ අන්තර්ගත කරුණුවලින් අභියාචනාධිකරණයට පමණක් නොව මෙම අධිකරණයටත් අපහාසයක් සිදුව ඇති බව ඔහු පැවසීය.

ජනප්‍රිය පුවත්  පා. ම. දිලිත් ජයවීරගේ රිට් පෙත්සමේ නියෝගය 30 වැනිදා ප්‍රකාශයට පත් කෙරේ

එම අවස්ථාවේදී අගවිනිසුරු ප්‍රීති පද්මන් සූරසේන පෙත්සම්කරු වෙත ප්‍රශ්නයක් යොමු කරමින්, මෙසේ විමසීය.

“මහත්මයා… සිරිල් ගාමිණී පියතුමාගේ ප්‍රකාශයෙන් අධිකරණයට අපහාසයක් සිදුවන්නේ කොහොම ද?”

ඊට ප්‍රතිචාර දැක්වූ පෙත්සම්කරු මෙසේ පැවසීය.

“ස්වාමීනී… සිරිල් ගාමිණී පියතුමාගේ පැමිණිල්ල තුළ සඳහන් වෙනවා අසාත් මවුලානා නමැත්තාගේ ප්‍රකාශයක්. එය තමන්ට ඊමේල් මාර්ගයෙන් ලැබුණු බව පියතුමා ප්‍රකාශ කර තිබෙනවා. එම ප්‍රකාශය තුළින් තමයි අධිකරණයට අපහාසයක් සිදුවී තිබෙන්නේ” යනුවෙන් සඳහන් කළා.

යළි පෙත්සම්කරු වෙත ප්‍රශ්නයක් යොමු කළ අගවිනිසුරුවරයා, “අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කියන්නේ විමර්ශන සිදුකරන ආයතනයක්. එවැනි ආයතනයකට මෙම පැමිණිල්ල යොමු කළා ම එය විමර්ශනය කළ යුතු යි. මීට පෙර එම අධිකරණයට අපහාසාත්මක යැයි ඔබ විසින් පවසන ප්‍රකාශය මෙතෙක් තිබුණේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව තුළ පමණ යි. ඔබ දැන් එය මේ අධිකරණයට රැගෙන තිබෙනවා. දැන් ඒවා පුවත්පත්වල ජනමාධ්‍යවල පළවෙනවා. ඉතින් ඔබත් කර තිබෙන්නේ අධිකරණයට අපහාසාත්මක වන ආකාරයේ ක්‍රියාවක් නේද?” යනුවෙන් පැවසීය.

ඊට පිළිතුරු දුන් පෙත්සම්කරු, “ස්වාමීනි… මා මෙම අධිකරණයට ගරු කරනවා. මහජනතාවගේ ප්‍රශ්න අධිකරණයට රැගෙනවිත් විසඳුම් සොයා ගත යුතු යි කියන ස්ථාවරයේ තමයි මා සිටින්නේ. මහා මාර්ගවල සටන් කිරීම, අරගලවලින් ඒවා විසඳා ගැනීම සුදුසු නැහැ කියා මා විශ්වාස කරනවා. ඒ නිසා පුරවැසියෙක් වශයෙන් අධිකරණයේ ගෞරවය ආරක්ෂා විය යුතු යි කියා මා හිතනවා. ඒ නිස යි මම මේ අධිකරණයට පැමිණියේ,”යනුවෙන් සඳහන් කළේ ය.

ජනප්‍රිය පුවත්  තරුණයකු උස්සා පොළොවේ ගැසූ ටියුෂන් ගුරුවරයා රිමාන්ඩ්!

ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ විනිසුරු මඩුල්ල මෙම පෙත්සම විභාගයට නොගෙන නිෂ්ප්‍රභ කිරීමට තීන්දු කළේ ය.

ශානිට සහ රවීට එරෙහි පෙත්සම

ඉන් අනතුරුව ශානි අබේසේකර සහ රවී සෙනවිරත්න මීට පෙර ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කළ දිවුරුම් ප්‍රකාශයකින් අධිකරණයට අපහාස කළ බවට චෝදනා කරමින් ගොනු කර තිබූ පෙත්සම කැඳවනු ලැබිණි.

එහිදී පෙත්සම්කාර ශාන්ත ජයතිලක අධිකරණය හමුවේ කරුණු දක්වමින්, “ස්වාමීනී… පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාර සිද්ධිය සම්බන්ධයෙන් ඉදිරිපත් කළ පැමිණිල්ලකට අදාළව ශානි අබේසේකර සහ රවී සෙනෙවිරත්න යන මහත්වරුන්ට එරෙහිව පොලිස්පතිවරයාගේ නියෝගයකින් ආරම්භ කරන විමර්ශනය නීතියට පටහැනි බවට ශ්‍රේෂ්ඨාධිකරණය පසුගිය දා තීන්දුවක් ලබා දුන්නා. එම නඩුකරය සඳහා ශානි අබේසේකර සහ රවී සෙනෙවිරත්න ඉදිරිපත් කළ දිවුරුම් ප්‍රකාශවලින් අධිකරණයට අපහාසයක් සිදු වී තිබෙනවා,” යනුවෙන් සඳහන් කළේ ය.

එහිදී ප්‍රශ්නයක් මතු කළ අග විනිසුරුවරයා, “ඔබ සඳහන් කරන්නේ ඒ දිවුරුම් පෙත්සමේ අන්තර්ගත කරුණු අසත්‍ය යි කියල ද?” යනුවෙන් විමසීය.

ඊට පිළිතුරු දුන් පෙත්සම්කරු, “ස්වාමීනී… එම දිවුරුම් පෙත්සමේ අන්තර්ගත කරුණුවලින් අධිකරණයට අපහාසයක් සිදුවී තිබෙනවා,” යනුවෙන් පැවසීය.

ජනප්‍රිය පුවත්  ඩෙංගු දත්ත පද්ධතියටත් උණ ගනී

ඒ අවස්ථාවේදී පෙත්සම්කරු ඇමතූ අගවිනිසුරුවරයා, “එම නඩුකරයේ මහත්මයා පාර්ශවකරුවෙක් නෙවෙයිනේ. අදාළ නඩුවේ තීන්දුව දැනටමත් දීලා ඉවර යි. ඔබ සඳහන් කරන කාරණය ගැන ශ්‍රේෂ්ඨාධිකරණය සලකා බලන්න ඇති. සලකා බලලා තමයි ඔය තීන්දුව දීලා තියෙන්නේ. ඒ නිසා ඒ තීන්දුව වැරදි යි කියලා ඔබට තර්ක කරන්න බෑ,” යනුවෙන් පැවසීය.

දෙපාර්ශවය ඉදිරිපත් කළ කරුණු සලකා බැලූ අගවිනිසුරුවරයා ප්‍රමුඛ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල මෙම විභාගයට ගැනීම සඳහා නොතීසි නිකුත් කිරීමකින් තොරව නිෂ්ප්‍රභ කිරීමට ද තීන්දු කළේ ය.

Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
0
Would love your thoughts, please comment.x
()
x