50,000ක පෙන්ෂන් ගන්නා අයෙක් රාගම පාලම යට සිඟමන් යදී
1 min read
රුපියල් 50,000 ක මාසික විශ්‍රාම වැටුපක් ලබන අයකු රාගම පාලම යට යාචක වෘත්තියේ යෙදෙන බවට ජාතික වැඩිහිටි මහ ලේකම් කාර්යාලයයේ නිලධාරීන් තොරතුරු අනාවරණය කරගෙන තිබේ.
රාගම පාලම යට යාචකයන් තිදෙනකු සිටින බවට ජාතික වැඩිහිටි ලේකම් කාර්යාලයයේ අධ්‍යක්ෂ චතුර මිහිඳුම්ට ලැබුණු තොරතුරකට අනුව ඔහු එම යාචකයන් පිළිබඳ සොයා බැලීමට නිලධාරීන් පිරිසක් යොදවා තිබේ.
එම නිලධාරීන් විසින් මෙම යාචකයන් තිදෙනා ගම්පහ, මාළිඟාතැන්න වැඩිහිටි නිවාසයට ඇතුළත් කර ඇත.
සති දෙකකට පමණ පසුව එක් යාචකයකුගේ සහෝදරියක් වැඩිහිටි නිවාසයට පැමිණ ඇත්තේ යාචක වෘත්තියේ නියැලුණු සහෝදරයා කැඳවාගෙන යාමටය. තොරතුරු සොයා බැලීමේදී තහවුරු වී ඇත්තේ යාචක වෘත්තියේ නිරත අදාළ පුද්ගලයා මාසිකව රුපියල් 50,000 ක විශ්‍රාම වැටුපක් ලබන අයකු බවත්, මෙම කාන්තාව අදාළ විශ්‍රාම වැටුප ගැනීමට ඔහු කැඳවාගෙන යන බවත්ය.
