September 30, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

කොළඹ වරායේ සැක කන්ටේනරයක්

1 min read

කොළඹ වරායේ සැක කටයුතු භාණ්ඩ සහිත බහලුමක් ඇති බවට ලද තොරතුරකට අනුව පොලිසිය පරීක්ෂණයක් ආරම්භ කර තිබේ.

පොලිස් මධ්‍යම අපරාධ විමර්ශන කාර්යංශය මගින් මීට අදාළ විමර්ශන ආරම්භ කර ඇති අතර මේ සම්බන්ධයෙන් කොළඹ මහෙස්ත්‍රාත් අධීකරණය වෙත කරුණු වාර්තා කිරීමටද පියවර ගෙන තිබේ.

හාල් අඩංගු කන්ටේනරයක් මුවාවෙන් පිත්තල භාණ්ඩ තොගයක් නීති විරෝධී ලෙස ඉන්දියාවට යැවීමේ උත්සහායක් ගැන ලද තොරතුරකට අනුව මෙම කන්ටේනරය පරීක්ෂාව අද (29 වැනිදා) පරීක්ෂාවට ලක්කිරීමටද නියමිතය.

කොළඹ වරායේ බහලුමක තිබී රුපියල් කෝටි අට සියයකට වඩා වටිනාකමක් ඇති අයිස් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 472 ක් අඩංගු කන්ටේනරයක්ද පසුගියදා සොයාගනු ලැබුවේ අපරාධ දිසාව භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රන්මල් කොඩිතුවක්කුට ලද තොරතුරකට අනුවය.

මෙම මත්ද්‍රව්‍ය තොගය මෙරටදී ගොඩබිමින් සොයාගත් විශාලතම මත්ද්‍රව්‍ය තොගය වන නමුත් එම වැටලීම සිදුකළ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රන්මල් කොඩිතුවක්කු සහ පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නිලධාරීන් පිරිසකට පොලිස්පති නියමයෙන් පොලිස් විශේෂ විමර්ශන ඒකකය පරීක්ෂණයක්ද ආරම්භ කර ඇත.

ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රන්මල් කොඩිතුවක්කු, මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශ දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති අශෝක ධර්මසේන ඇතුළු නිලධාරීන් පිරිසක් මාරු කර යැවීමටද පොලිස්පතිවරයා පොලිස් කොමිසම වෙත නිර්දේශ ද යවා ඇත.

ජනප්‍රිය පුවත්  මුහුදු තහනමෙන් මාළු මිල ඉහළට

40

SHARES
Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
0
Would love your thoughts, please comment.x
()
x