“22 වන සංශෝධනයට මේ මොහොතම තෝරාගත්තේ ඇයි?” – නාමල්ගෙන් ප්‍රශ්න වැලක්
1 min read
22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් පාර්ලිමේන්තුව තුළින් තීරණයක් ලැබී ඇති අතර, ජනමත විචාරණයක් ව්‍යවස්ථානුකූලව අවශ්‍ය නොවන බවට ශ්‍රේෂ්ඨාධිකරණය ලබා දුන් තීන්දුවට තමන් ගරු කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ පවසනවා.
තම නිල ෆේස්බුක් පිටුවේ සටහනක් තබමින් මන්ත්‍රීවරයා පෙන්වා දෙන්නේ, එම තීන්දුවට ගරු කරන අතරම තවත් මතු කළ යුතු ප්‍රශ්න කිහිපයක් පවතින බවයි.
ඒ අනුව, මෙම ව්‍යවස්ථා සංශෝධන සිදු කිරීමට මෙතරම් ඉක්මනින් මෙම මොහොතම තෝරා ගත්තේ ඇයිද යන්න මෙන්ම එහි ස්වාධීනත්වය ආරක්ෂා කිරීමට ඇති ආරක්ෂණ මොනවාද යන්න පිළිබඳව ගැටලු මතු විය යුතු බව ඔහු විශ්වාස කරන බවයි එම සටහන මගින් පවසන්නේ.
එමෙන්ම, මෙලෙස සිදු කෙරෙන සංශෝධන සහ විධිවිධාන කිසිදු පුද්ගලයෙක් මුලික කරගෙන හෝ පුද්ගල අවශ්‍යතා මත පදනම්ව හෝ වත්මන් අවශ්‍යතාවයන් මත හෝ සිදු වන්නක් නොවිය යුතු අතර, අදාළ ආයතනවල යහපත සහ ස්වාධීනත්වය සුරැකීම සඳහා ඉතා ප්‍රවේශමෙන් සැලකිය යුතු බව ඔහු අවධාරණය කරනවා.
සෑම පුරවැසියෙකුගේම අපේක්ෂාවන් වන ස්වාධීන අධිකරණයක්, ක්‍රියා පටිපාටියකට අනුකූල වූ නීතිමය රාමුවක් සහ දේශපාලන බලපෑම්වලින් තොර යුක්තියක් යන සාධක තමන් ඉල්ලා සිටින බව මන්ත්‍රීවරයා විසින් සඳහන් කරනවා.
ආණ්ඩුව සහ දේශපාලනඥයන් ගතිකත්වයෙන් යුතුව වෙනස් වන සුළු බවත්, බලය ද අතින් අත මාරු වන බවත් පෙන්වා දෙන මන්ත්‍රීවරයා, අද බලය දරන පුද්ගලයාගෙන් හෝ අනාගතයේ බලය දරන ඕනෑම අයෙකුගෙන් අධිකරණයේ ස්වාධීනත්වය ආරක්ෂා විය යුතු බවත්, එය අන් කවරකටත් වඩා විශාල මූලධර්මයක් බවත් වැඩිදුරටත් සඳහන් කර තිබෙනවා.
