September 25, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

රන් භාණ්ඩ උගසට තැබීම 54% කින් ඉහලට !

1 min read

ශ්‍රී ලංකා මහ බැංකු වාර්තාවලට අනුව පසුගිය මෙරට ජනතාව රන් භාණ්ඩ උගස්කර ලබාගෙන ඇති ණය ප්‍රමාණය රුපියල් කෝටි 35,145 කින් ඉහළ ගොස් තිබේ. එය 2002 වසරේ රන් භාණ්ඩ උගස්කර ලබාගෙන ඇති ණය ප්‍රමාණයට සාපේක්ෂව 54% ක ඉහල යාමක් බව පැවසේ.

ශ්‍රී ලංකා මහ බැංකුවේ මූල්‍ය විශ්ලේෂණ වාර්තාවන්ට අනුව, 2022 වසරේදී සමස්ත බැංකු පද්ධතිය විසින් ලබා දී තිබූ මුළු ණය ප්‍රමාණයෙන් රන් ණය ප්‍රතිශතය 7% කි. එහෙත් එය 2025 වසර නිමා වන විට 11% ක් දක්වා සීග්‍රයෙන් වර්ධනය වී තිබේ.

මීට අමතරව, මූල්‍ය සමාගම් මගින් ලබාදුන් රන් ණය ප්‍රමාණය පමණක් සැලකීමේදී, එය ඊට පෙර වසරට සාපේක්ෂව 69.2% ක් වැනි අති විශාල වර්ධනයක් පෙන්නුම් කර තිබේ. මෙය මෙසේ සිදුවන්නේ, ජීවන වියදම ඉහල යාම සහ උද්ධමනය ඉහල යාම වැනි කරුණු මුල්කොටගෙන බව ආර්ථික විශ්ලේෂකයන්ගේ මතය වී තිබේ.

රන් භාණ්ඩ උකස්කර ණය ලබාගන්නේ එදිනෙදා වියදම් පියවා ගැනීමට මිස ආයෝජන සඳහා නොවේ.

මෙමගින් පෙන්වන්නේ පොදු ජනතාවගේ මිලදී ගැනීමේ ශක්තිය හෙවත් ක්‍රය ශක්තිය වේගයෙන් පහත වැටී ඇති බවයි. භාණ්ඩ හා සේවා මිල ගණන් වේගයෙන් ඉහල ගියද ඊට සාපේක්ෂව ජනතාවගේ සැබෑ ආදායම සීමා වී තිබේ. මේ නිසා ඇතිවන මූල්‍ය හිඟය පියවා ගැනීමට තමන් සතු රන් භාණ්ඩ උගසට තබා ණය ලබාගැනීම එකම විකල්පය බවට පත්ව තිබේ.

ජනප්‍රිය පුවත්  රුසියාවේ තෙල් නොඑන ලකුණු!

මේ අතර, මහ බැංකු වාර්තාවන් පෙන්වා දෙන්නේ, උකස් ණය සඳහා පවතින ඉහල පොලී අනුපාත හේතුවෙන් ලබාගත් ණය සහ පොලිය පියවා තම රන් භාණ්ඩ නැවත බේරා ගැනීමේ හැකියාව ජනතාවට අහිමි වෙමින් ඇති බවයි. ඒ හේතුව මත බැංකු සහ මූල්‍ය ආයතනවලට රන් භාණ්ඩ සින්නවීමේ ප්‍රවණතාව 10% කට වඩා ඉහල ගොස් තිබේ. එමගින් පෙන්වන්නේ, මධ්‍යම පාන්තික ජනතාවගේ අවසාන මූල්‍ය සුරක්ෂිතතාව ද අහිමිවෙමින් පවතින බව යැයි, මූල්‍ය ප්‍රවීනයෝ පවසති.

  • රකිත රඹුක්වැල්ල
Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
0
Would love your thoughts, please comment.x
()
x