September 23, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

වතුකරයේ බඹර හා කොටි ප්‍රහාර හමුවේ ජිවිත අනතුරේ

1 min read

වතුකරය තුල වර්ධනය වන බබර ප්‍රහාරයන්ට අමතරව කදුකර කොටි ප්‍රහාර හේතුවෙන් වතු කම්කරුවන් දැඩි දුෂ්කරථාවයන්ට මෙන්ම දැඩි බියකටද පත්ව ඇති බව සමස්ථ ලංකා ප්‍රගතිශීලි ජනතා පෙරමුණේ නායක ඉලංගෝ ගාන්ධි මහතා පවසයි.

මේ පිලිබදව මාධ්‍ය වෙත අදහස් දැක්වු ඉලංගෝ ගාන්ධි මහතා පවසන ලද්දේ මේ වන විට වතුකරය තුල සිදුවන බබර ප්‍රහාරයන් දිනෙන් දින වර්ධනය වෙමින් පවතින බවත් එම තත්වයන් මත ජිවිත හානි මෙන්ම බරපතල තුවාල ලැබිම්ද වාර්ථා වන බවත්ය.

වැඩිදුරටත් ඔහු පැවසුවේ පසු ගිය දිනක ලිදුල ප්‍රදේශයේ සිදුවු බබර ප්‍රහාරයකින් අවුරුදු 77ක පුද්ගලයකු අවසනාවන්ත ලෙස මිය ගිය බවත් මෙයට පෙරද වතුකරයේ සිදුවු බබර ප්‍රහාරවලින් දෙතුන් දෙනකුම මිය ගොස් ඇති බවත්ය.

එමෙන්ම වතුකරය තුල සිදුවන බබර ප්‍රහාර හේතුවෙන් බොහෝ පිරිසක් තුවාල ලබා රෝහල් ගත කරන බවත් මෙම තත්වයන් මෙසේ පවතිද්දි මේ වන විට කදුකර කොටි ප්‍රහාරයන් පිලිබදවද වතු කම්කරුවන් දැඩි බියකට පත්ව ඇති බවත් ඔහු පැවසුවේය

පසු ගිය දිනක මෙම කදුකර කොටි ප්‍රහාරයකින් වතු කම්කරු කාන්තාවක් තුවාල ලබා රෝහල් ගත කල බවත් මේ වන විටද බගවන්තලාව, නොර්වුඩ්, වටවල, කුයිල්වත්ත, යන ප්‍රදේශ ආශ්‍රිත වතුකරයේ කදුකර කොටියන් ගැවසෙන බවට වාර්ථා වන බවත් මෙම තත්වයන් මත එම ප්‍රදේශවල වතු තුල සේවය කිරිමට වතු කම්කරුවන් දැඩි බියක් දක්වන බවත් ඔහු පැවසුවේය.

ජනප්‍රිය පුවත්  බදු පදනම පුළුල් කරන්නැයි IMF රජයට දන්වයි..

මේ හේතුවෙන් වතු කම්කරුවන්ට ජිවිත පිලිබදව දැඩි බියකින් එම වතුවල සේවය කිරිමට සිදුවිම අසීරු කාර්යයක් වන බැවින් ඒ පිලිබදව අදාල බලධාරින්ගේ මෙන්ම නිලධාරින්ගේ දැඩි අවදානය යොමු කර මෙම වතු කම්කරුවන්ට තම රැකියාවන් නිසි ලෙස කර ගෙන යාමට ඉඩ සලසන ලෙස එකි බලධාරින්ගෙන් හා නිලධාරින්ගෙන් කාරුණිකව ඉල්ලා සිටින බවද ඔහු වැඩි දුරටත් පැවසිය.

Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
0
Would love your thoughts, please comment.x
()
x