මේ වසරේ දෙවන කාර්තුවේ දී රාජ්‍ය ණය ප්‍රමාණය රු. බිලියන 744කින් ඉහළට..
1 min read
2026 වසරේ දෙවන කාර්තුව අවසානයේදී ශ්‍රී ලංකාවේ මුළු රාජ්‍ය ණය ප්‍රමාණය රුපියල් බිලියන 744 කින් ඉහළ ගොස් ඇති බව රාජ්‍ය ණය කළමනාකරණ කාර්යාලයේ නවතම වාර්තාවක් පෙන්වා දෙයි.
මේ අනුව 2026 වසරේ පළමු කාර්තුව අවසානයේ (මාර්තු අගදී) රුපියල් බිලියන 32,233 ක් ලෙස පැවැති මුළු රාජ්‍ය ණය ප්‍රමාණය, දෙවන කාර්තුව අවසාන වන විට (ජූනි අගදී) රුපියල් බිලියන 32,977 දක්වා වැඩි වී තිබේ.
