විදෙස් ආයෝජන ගිය වසරට වඩා දෙගුණයකින් ඉවතට !
1 min read
කොළඹ කොටස් වෙළඳපොලෙන් (CSE) විදෙස් ආයෝජන පිටතට ගලා යාම 2026 වසරේ මුල් මාස 8 තුළ කැපී පෙනෙන ලෙස ඉහළ ගොස් තිබේ.
විශ්ලේෂණ දත්ත වලට අනුව, 2026 ජනවාරි සිට අගෝස්තු දක්වා කාලය තුළ සමස්ත ශුද්ධ විදේශීය ආයෝජන පිටතට ගලායාම රුපියල් බිලියන 55.7 ක් ලෙස වාර්තා වේ. මෙය, 2025 වසරේ අදාළ කාලසීමාවේ පැවැති රුපියල් බිලියන 22.34 ක පිටතට ගලායාම මෙන් දෙගුණයකටත් වඩා වැඩිය.
පසුගිය මාස 8 තුළ විදේශීය ආයෝජකයන් රුපියල් බිලියන 85.3 ක කොටස් විකුණා තිබේ. එය 44.6% ක වර්ධනයකි.
එමෙන්ම, විදේශීය මිලදී ගැනීම් සිදුව ඇත්තේ රුපියල් බිලියන 29.6 ක පමණි. ඒ අනුව, විදේශීය මිලදී ගැනීම් 19% කින් පහත වැටී ඇත. 2026 අගෝස්තු මාසයේ දී පමණක් රු. බිලියන 19.46 ක වාර්තාගත ශුද්ධ විදෙස් අරමුදල් ප්‍රමාණයක් වෙළඳපොළෙන් ඉවතට ගොස් තිබේ.
මෙම ප්‍රවණතාව තවදුරටත් වර්ධනය වීම ඉතා අහිතකර ප්‍රවණතාවයක් බව මූල්‍ය විශේෂඥයෝ පෙන්වා දෙති.
- අජිත් ගුණවර්ධන
