September 15, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

දෙහිවල අත්බෝම්බ ප්‍රහාරයෙන් දිවියට සමුදුන් සොහොයුරන් දෙදෙනාගේ අවසන් කටයුතු හෙට

1 min read

දෙහිවල, සිරිසඟබෝ මාවතේ පිහිටි නිවසකට නාඳුනන පුද්ගලයෙකු විසින් එල්ල කරන ලද අත්බෝම්බ ප්‍රහාරයකින් ජීවිතක්ෂයට පත් වූ දරුවන් දෙදෙනාගේ අවසන් කටයුතු හෙට (14) දිනයේ දී ගල්කිස්ස පොදු සුසාන භූමියේදී සිදුකිරීමට නියමිතව ඇත.

ඊයේ (12) රාත්‍රියේ දරුවන් දෙදෙනාගේ මෘතදේහ ඥාති නිවසක් වෙත රැගෙන එනු ලැබීය.

මෙම අවාසනාවන්ත සිදුවීමෙන් මියගියේ මව් සෙනෙහසද අහිමිව පියාගේ රැකවරණය යටතේ හැදී වැඩුණු 17 හැවිරිදි කසුන් රශ්මික සහ ඔහුගේ බාල සහෝදරයා වන 11 හැවිරිදි දුමින්ද ගිහාන් යන දෙදෙනාය.

ප්‍රහාරයෙන් බරපතල තුවාල ලැබූ ඔවුන් රෝගත කිරීමෙන් පසු ජීවිතක්ෂයට පත්ව තිබුණි.

සිද්ධිය සම්බන්ධයෙන් පොලිස් පරීක්ෂණ ක්‍රියාත්මකයි.

Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
0
Would love your thoughts, please comment.x
()
x