September 10, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

“මට ආයෙ අලුත්කඩේ යන්නත් බෑ !” ඇමති හර්ශණ නාමල් වැළඳගෙන පවසයි.

1 min read

බන්ධනාගාරයේ සිට අද පෙරවරුවේ පාර්ලිමේන්තු සභාවාරයට සහභාගිවීම පිණිස පාර්ලිමේන්තුවට පැමිණ සිටි නාමල් රාජපක්ෂ මන්ත්‍රිවරයා අද අපූරු අත්දැකීමකට මුහුණ පා ඇතැයි වාර්තා වේ.

පාර්ලිමේන්තු ආපන ශාලාවේ සිට නැවත සභාගැබ වෙත ගමන් කරන අතරතුර දී අධිකරණ අමාත්‍ය හර්ෂණ නානායක්කාර නාමල් රාජපක්ෂ මන්ත්‍රිවරයා දැක ඉමහත් උණුසුම් හැඟීමෙන් යුතුව ඔහුව වැලඳගෙන තිබේ. එසේ වැලඳගැනීමෙන් පසු නාමල් වෙතින් “දුක සැප” විමසූ අමාත්‍ය හර්ෂණ නානායක්කාර, “මට ආයෙ අලුත් කඩේ පැත්තෙනම් යන්න බෑ… 22 වැනි සංශෝධනය නිසා…” යැයි පවසා තිබේ.

ආණ්ඩුව ගමන් කරමින් තිබෙන අන්දම පිළිබඳව සිය කලකිරීම පෙන්වා ඇති අමාත්‍යවරයා, නුදුරේදීම FCID (මූල්‍ය අපරාධ කොට්ඨාශය මගින්) නාමල් රාජපක්ෂ මන්ත්‍රිවරයාගේ මව වන ශිරන්ති රාජපක්ෂ ද අත්අඩංගුවට ගැනීමට නියමිතව ඇතැයි ද පවසා තිබේ.

තමන් ඇතුළු ජ.වි.පෙ. නොවන දේශපාලනඥයන් ඉදිරිපත් කරන අදහස් වලට කිසිදු සැලකිල්ලක් නැතැයි පවසා ඇති ඔහු එම තත්ත්වය තමන් අපේක්ෂා නොකළ බවද පවසා තිබේ.

ආණ්ඩුව අභ්‍යන්තරය තුළ වන අර්බුදය මෙමගින් පිටතට පෙන්වන බව අප හා අදහස් දැක්වූ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රිවරයකු පවසා සිටියේ ය.

  • කල්ප මුදලිගේ
ජනප්‍රිය පුවත්  ඉවත්වනු! යැයි කිව්වත් මාලිමාවේ නගරාධිපතිගේ දුව “බෑ”ම කියයි!බඩුත් සමග බඩු මාට්ටු!

40

SHARES
Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
0
Would love your thoughts, please comment.x
()
x