September 9, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

මාස හතරකදී රටේ ණය බර බිලියන 540කින් ඉහළට..

1 min read

ශ්‍රී ලංකා මහ බැංකුවේ නවතම වාර්තාවලට අනුව, මේ වසරේ අප්‍රේල් මාසය අවසන් වන විට රජය විසින් ගෙවීමට ඇති සමස්ත නොපියවූ ණය ප්‍රමාණය රුපියල් ට්‍රිලියන 30.53ක් (රුපියල් බිලියන 30,533.60ක්) දක්වා ඉහළ ගොස් ඇත.

වසර ආරම්භයේදී රුපියල් ට්‍රිලියන 29.99ක් ලෙස පැවැති මුළු ණය ප්‍රමාණය මුල් මාස හතර ඇතුළත රුපියල් බිලියන 539.91කින් වර්ධනය වී තිබේ.

මෙම සමස්ත ණය බරින් රුපියල් බිලියන 18,853.43ක් දේශීය ණය වන අතර, ඉන් රුපියල් බිලියන 15,756.07ක් භාණ්ඩාගාර බැඳුම්කර ලෙසත් රුපියල් බිලියන 2,794.07ක් භාණ්ඩාගාර බිල්පත් ලෙසත් සටහන් වේ.

එමෙන්ම වසර මුලදී රුපියල් බිලියන 11,319.36ක්ව පැවැති රජයේ සමස්ත විදේශ ණය ප්‍රමාණය ද මාස හතරක් ඇතුළත රුපියල් බිලියන 360කින් පමණ ඉහළ ගොස් අප්‍රේල් අවසන් වන විට රුපියල් බිලියන 11,680.17ක් දක්වා වැඩි වී ඇත.

Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
0
Would love your thoughts, please comment.x
()
x