September 9, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

විශ්වවිද්‍යාල 17 පවා පවත්වාගෙන යන්න බැරුව 50ක් හදන්න යනවා.. – සරසවි ඇදුරන් අද වැඩවර්ජනයක..

1 min read

රජයේ විශ්වවිද්‍යාල පද්ධතිය තුළ පවතින බරපතළ ගැටලු කිහිපයකට විසඳුම් ඉල්ලා අද (09) දිනයේ දීපව්‍යාප්ත එක්දින වැඩවර්ජනයක නිරත වීමට විශ්වවිද්‍යාල ආචාර්යවරුන් තීරණය කර තිබේ.

විශ්වවිද්‍යාල ආචාර්ය සමිති සම්මේලනයේ ලේකම්, කථිකාචාර්ය චාරුදත්ත ඉලංගසිංහ මහතා සඳහන් කළේ, පවතින අර්බුද සම්බන්ධයෙන් රජය මෙතෙක් නිසි විසඳුම් ලබා නොදීම හේතුවෙන් මෙම වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය දැඩි කිරීමට තීරණය කළ බවයි.

රජය විසින් අලුතින් විශ්වවිද්‍යාල 50ක් ආරම්භ කිරීමට ගෙන ඇති යෝජනාව පිළිබඳව ද ලේකම්වරයා මෙහිදී අදහස් දැක්වීය.

අධ්‍යාපනය පුළුල් කිරීම සාධනීය කරුණක් වුවද, දැනට පවතින රාජ්‍ය විශ්වවිද්‍යාල 17 පවා පවත්වාගෙන යාමට නොහැකි තත්ත්වයක් තුළ නව විශ්වවිද්‍යාල ඇති කිරීම ප්‍රායෝගික නොවන බව ඔහු පෙන්වා දුන්නේය.

පවතින විශ්වවිද්‍යාලවල ගුණාත්මකභාවය ආරක්ෂා කර ගැනීමට ප්‍රමුඛතාව ලබා දිය යුතු බව ඔහු අවධාරණය කළේය.

පසුගිය සතියේ දහවල් විවේක කාලය තුළ විරෝධතා ව්‍යාපාරවල නිරත වූ බවත්, රජයේ නිහඬ පිළිවෙත හමුවේ හෙට දිනයේ දීපව්‍යාප්තව වැඩවර්ජනය කරමින් සිය විරෝධය පළ කරන බවත් චාරුදත්ත ඉලංගසිංහ මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

ජනප්‍රිය පුවත්  ඉරාන යුද්ධය අස්සේ චීනය තායිවානය දමනය කරයි!

40

SHARES
Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
0
Would love your thoughts, please comment.x
()
x