September 9, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

ක්‍රිකට් පරිවර්තන කමිටුවට එරෙහිව නඩු

1 min read

එරාන් වික්‍රමරත්න ප්‍රමුඛ වත්මන් ක්‍රිකට් පරිවර්තන කමිටුව පත් වීමෙන් පසුව ප්‍රමුඛ පෙළ අන්තර් ක්‍රීඩා සමාජ ක්‍රිකට් තරගාවලියේ කරන ලද සංශෝධනයට එරෙහිව බදුරලිය ක්‍රීඩා සමාජයේ සභාපති සුමිත් පෙරේරා මහතා විසින් අභියාචනාධිකරණය වෙත පෙත්සමක් යොමු කර ඇත.

මෙවර ප්‍රමුඛ පෙළ ක්‍රිකට් තරගාවලියේ කණ්ඩායම් තුනක් එකවර පහත දැමීමට ගෙන ඇති තීරණය වැරදි සහගත ලෙස ගන්නා ලද තීරණයක් බවත් ඒ සඳහා ක්‍රීඩා ඇමතිවරයාද නියෝගයක් පනවා තිබීම ක්‍රිකට් ව්‍යස්ථාවට පටහැනි බවත් එමගින් තම ක්‍රීඩා සමාජයට අසාධාරණයක් වන බැවින් මෙයට අභියෝග කරමින් මෙම පෙත්සම ගොනු කළ බව සුමිත් පෙරේරා මහතා පවසයි.

මෙම පෙත්සම බොහෝ දුරට මේ සතියේ අභියාචනාධිකරණයේ සළකා බැලීමට නියමිතව ඇත.

Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
0
Would love your thoughts, please comment.x
()
x