September 9, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

සභාපතිවරයෙක් ඉල්ලා අස්වෙයි

1 min read

මධ්‍යම කලාපීය ආර්ථික සංවර්ධන ආයතනයේ (REDA) සභාපති ලෙස කටයුතු කළ ආනන්ද ස්ටීවන් මහතා පෞද්ගලික හේතුවක් මත සිය ධුරයෙන් ඉල්ලා අස්වී තිබේ. ජාතික ජන බලවේග ආණ්ඩුව විසින් මෙම තනතුර සඳහා පත් කරනු ලැබූ ඒ මහතා, සිය ඉල්ලා අස්වීමේ ලිපිය මධ්‍යම පළාත් ආණ්ඩුකාර විශේෂඥ වෛද්‍ය හර්ෂ සුරංග ප්‍රනාන්දු මහතා වෙත භාර දී ඇත.

මේ අතර, පුරප්පාඩු වූ එම සභාපති ධුරය සඳහා හිටපු මධ්‍යම පළාත් සභා මන්ත්‍රී එරික් වීරවර්ධන මහතා පත් කරනු ඇති බව නොනිල ආරංචි මාර්ග සඳහන් කරයි.

පසුගිය ජනාධිපතිවරණයේදී සහ පාර්ලිමේන්තු මැතිවරණයේදී ජාතික ජන බලවේගයේ ජයග්‍රහණය වෙනුවෙන් එරික් වීරවර්ධන මහතා සක්‍රීය දායකත්වයක් ලබා දුන් අතර ඊ පෙර ඔහු පොදුජන පෙරමුණු මන්ත‍්‍රීවරයෙක් ලෙසත් කටයුතු කලේය.

Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
0
Would love your thoughts, please comment.x
()
x