September 8, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

පැලවත්තේ කීමට, පොලිස්පති “අයිස්” ඇල්ලූවන්ට එරෙහිව පරීක්ෂණ අරඹයි !

1 min read

පසුගිය අගෝස්තු 31 වැනි දා කොළඹ වරායේ දී, රුපියල් බිලියන 8 කට වඩා වටිනා අයිස් (Crystal Methamphetamine) මත්ද්‍රව්‍ය කිලෝ ග්‍රෑම් 471 කට අධික ප්‍රමාණයක් කොළඹ මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය (CCIB) මගින් අත්අඩංගුවට ගන්නා ලදී. බහාලුම් (Containers) දෙකක් තුළ වූ මෙම මත්ද්‍රව්‍ය තොගය ගොඩබිම තුළ දී මෙතෙක් සොයාගෙන තිබෙන වැඩිම අයිස් මත්ද්‍රව්‍ය තොගය බව පැවසේ.

පකිස්ථානයේ සිට පැමිණ ඇති මෙම බහාලුම් තුළ නාන තුවා (Bath Towels) තොගයක් ලෙස ව්‍යාජ ලෙස ප්‍රකාශ කර ඒ තුළ මෙම මත්ද්‍රව්‍ය සොයාගෙන තිබේ. පකිස්ථාන මත්ද්‍රව්‍ය බලකාය (ANF) විසින් කරච්චි වරායේ දී කරන ලද වැටලීමකින් අනතුරුව, ඇමරිකානු මත්ද්‍රව්‍ය නාශක ඒජන්සිය (DEA) හරහා ශ්‍රී ලංකාව වෙත මෙම තොරතුරු ලබා දී තිබේ.

මෙම වැටලීම් කළ නිලධාරින්ගේ සේවය අගය කිරීම වෙනුවට, පැලවත්තේ උපදෙස් පරිදි මේ වන විට පොලිස්පතිවරයා විසින් එම නිලධාරින්ට එරෙහිව විමර්ශනයක් ආරම්භ කර තිබේ. මෙම විමර්ශනය සිදුකිරීමට පොලිස්පතිවරයා විසින් බාර දී ඇත්තේ විශේෂ විමර්ශන ඒකකය (SIU) වෙතය. SIU/222/2026 දරන අංකය යටතේ සිදුකෙරෙන මෙම විමර්ශනය මගින් අණාවරණය කර ගත යුතුයැයි පොලිස්පතිවරයා නියෝග කර ඇත්තේ කරුණු 2 ක් පිළිබඳව ය. ඒවා වනුයේ, අදාළ බහාලුම් පරීක්ෂා කිරීමට තොරතුරු ලැබී දින 13 ක කාලයක් ගත වීම වූයේ කෙසේද යන්න හා අදාල පරීක්ෂාකිරීමේ වරෙන්තුව අංක 6 දරණ මහේස්ත්‍රාත් උසාවියෙන් ගනු ලැබුවේ කවර හේතු මත ද යන්නයි.

ජනප්‍රිය පුවත්  රෝගී ජීවිත බිල්ලට! ජයතිස්සට එරෙහිව නඩු පිට නඩු!

පැලවත්තේ උවමනාව මත පොලිස්පතිවරයා විසින් දී තිබෙන මෙම නියෝගය මත පොලිස් විශේෂ විමර්ශන ඒකකය විසින් ඊයේ (07) ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රන්මල් කොඩිතුවක්කු කැඳවා පැයකට අධික කාලයක් ප්‍රශ්න කර තිබේ. රන්මල් කොඩිතුවක්කු යනු ශ්‍රී ලංකා පොලිසියේ දැනට සිටින ජ්‍යෙෂ්ඨතම නිලධාරියකු වන අතර, ඔහු මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශයේ (CCIB) ප්‍රධානියා ද වේ.

ලැබී ඇති තොරතුරු අනුව, පකිස්ථාන මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් විසින් එවන ලද තවත් එක් බහාලුමක් කොළඹ වරාය පරිශ්‍රයේ තිබේ. එමෙන්ම තවත් බහාලුම් කිහිපයක් තම නොබෝ දිනකින් වරායට ගොඩබෑමට ද නියමිතව තිබේ. එසේ තිබියදී, අදාළ බහාලුම් සොයාගනු ලැබූ පොලිස් නිලධාරින්ට එරෙහිව මෙබඳු විමර්ශනයක් කිරීමට පැලවත්ත උනන්දු වන්නේ, ඉතිරි බහාලුම් ආරක්ෂා කර ගැනීමේ අරමුණකින්දැයි පොලීසියේ ඉහල නිලධාරින් අතර සාකච්ඡාවට බඳුන්වෙමින් තිබේ. පොලිස්පතිවරයා, එම තනතුරට සුදුසු තත්ත්වයේ අයකු නොවන නිසා පැලවත්තේ වහලකු වී ඇති බවත්, එය හේතුකොටගෙන පොලීසිය දිනපතා බිඳවැටීමට ලක්වන බවත් ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරින්ගේ මතය වී තිබේ.

  • රංග කලන්සූරිය
Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
0
Would love your thoughts, please comment.x
()
x