September 6, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

22 වැනි සංශෝධනය අධිකරණ ස්වාධීනත්වයට තර්ජනයක් – විපක්ෂ නායක

1 min read

22 වන සංශෝධනය අධිකරණයේ ස්වාධීනත්වයට තර්ජනයක් බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

ඔහු මෙම අදහස් පළකළේ අද (06) ශ්‍රී ලංකාවේ එක්සත් ජාතීන්ගේ නේවාසික සම්බන්ධීකාරක මාර්ක්-අන්ද්‍රේ ෆ්‍රාන්ෂේ මහතා සමඟ පැවති සාකච්ඡාවකට එක්වෙමිනි.

එහිදී වැඩිදුර අදහස් දැක්වූ සජිත් ප්‍රේමදාස මහතා ,

“අපේ ස්ථාවරය පැහැදිලිවම පක්ෂ දේශපාලනයෙන් සහ පෞද්ගලිකත්වයෙන් බැහැර වූවක්.අපේ ස්ථාවරය පදනම් වෙලා තියෙන්නේ ප්‍රජාතන්ත්‍රවාදයට යහපත් දේ මත.22 වන සංශෝධනය අධිකරණයේ ස්වාධීනත්වයට තර්ජනයක් ලෙසයි අපි දකින්නේ .නීතියේ ආධිපත්‍යය ආරක්ෂා කිරීම අධිකරණයේ ස්වාධීනත්වයට අත්‍යවශ්‍ය පූර්ව අවශ්‍යතාවයක්. ඒ හින්දා අපි ඉතාමත් ප්‍රජාතන්ත්‍රවාදී ස්ථාවරයක ඉන්නවා. මොන විදියකින් හෝ ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කරන්න ඕන”

Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
0
Would love your thoughts, please comment.x
()
x