September 7, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

IMF එකෙන් අයින්වෙලා ජනතාවට සහන දෙනවා… – ටී.බී. සරත්

1 min read

වත්මන් රජය බලයට පත්වූ වහාම රාජ්‍ය සේවකයන්ගේ වැටුප් වැඩි කිරීමට පියවර ගත් බවත්, 2027 වසර අවසන් වන විට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) වැඩපිළිවෙළින් ඉවත් වී ජනතාවට මීට වඩා සහන ලබාදීමට රජය බලාපොරොත්තු වන බවත් නිවාස, ඉදිකිරීම් සහ ජලසම්පාදන නියෝජ්‍ය අමාත්‍ය ටී.බී. සරත් මහතා පවසයි.

නියෝජ්‍ය අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ පළමු සහ දෙවන අයවැය ලේඛන මගින් රුපියල් 10,000කට ආසන්න ප්‍රමාණයකින් වැටුප් වැඩි කර ඇති අතර, එළඹෙන නොවැම්බර් මාසයේදී ද තවත් වැටුප් වැඩි කිරීමක් සිදු කිරීමට නියමිත බවයි.

එමෙන්ම, මීට පෙර රුපියල් 10,000කට ආසන්න මට්ටමක පැවති අවම වැටුප ලබන වසර වන විට රුපියල් 40,000 ඉක්මවා යන මට්ටමකට ඉහළ නැංවීමට රජය සැලසුම් කර තිබේ.රාජ්‍ය සේවයේ කාර්යක්ෂමතාව වැඩි කිරීම සඳහා සේවකයන් මුහුණ දෙන මූල්‍ය පීඩනය අවම කළ යුතු බවත්, ඒ වෙනුවෙන් රජය උපරිමයෙන් කටයුතු කරන බවත් ඔහු සඳහන් කළේය.

2027 වසර අවසන් වන විට මෙරට ආර්ථිකය ශක්තිමත් කර IMF වැඩපිළිවෙළින් නිදහස් වීම රජයේ ප්‍රධාන ඉලක්කයක් වන අතර, ඉන් අනතුරුව ජනතාවට වඩාත් සහනදායී පරිසරයක් නිර්මාණය වන බව ද නියෝජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.

ජනප්‍රිය පුවත්  'දිට්වා' සහන මෙහෙයුම් අවසන්: එක්සත් ජාතීන්ගේ සංවිධානය ශ්‍රී ලංකාවෙන් සමුගනී

40

SHARES
Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
0
Would love your thoughts, please comment.x
()
x