පාර්ලිමේන්තු කාර්යය මණ්ඩලයේ පිරිසක් රැකියාවෙන් ඉල්ලා අස්වෙයි
1 min read
පාර්ලිමේන්තුවේ නිලධාරී නිලධාරිනියන් තිහකට ආසන්න පිරිසක් මෑත භාගයේදී එම සේවයෙන් ඉවත්ව වෙනත් රැකියා සඳහා පිටව ගොස් ඇතැයි වාර්තා වේ.
මෙසේ ඉවත්ව ගොස් ඇතැයි පැවසෙන්නේ පාලන, සැපයුම්, මූල්‍ය සහ හැන්සාඩ් යනාදී අංශවල නිලධාරී නිලධාරිනියන් පිරිසකි.ඉවත්ව ගොස් ඇති වැඩි පිරිසක් උපාධිධාරීහු වෙති.
පසුගිය සතියේදීද නිලධාරීන් කිහිප දෙනෙකු පාර්ලිමේන්තු සේවයෙන් වෙනත් සේවාවන්ට ඉවත්ව ගොස් ඇති බවද මාධ්‍ය වාර්තා කර තිබේ.
පාර්ලිමේන්තු නිලධාරී නිලධාරිනියන් වැඩි පිරිසක් ඉවත්ව ගොස් ඇතැයි පැවසෙන්නේ පෞද්ගලික අංශය සඳහාය.
ආරංචි මාර්ග සඳහන් කරන අන්දමට ඉතා කෙටි කාලයකදී මෙතරම් විශාල ප්‍රමාණයක් පාර්ලිමේන්තු සේවයෙන් ඉවත්ව ගිය පළමු අවස්ථාව මෙය බවද පැවසේ.
පාර්ලිමේන්තුවේ සේවක සේවිකාවන්ට මෙතෙක් හිමිව තිබූ නිවාඩු හිලව් දීමනාව( Leaveencashment) සහ වෙනත් දීමනා සහ වරප්‍රසාද අහිමි වීම සේවය හැර යෑමට ප්‍රධාන හේතුවක්ව තිබෙන බව එම ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කළේය.
සේවක සේවිකාවන් රඳවා ගැනීමට මෙතෙක් විධිමත් වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කර නැතැයි ඔවුහු චෝදනා කරති.
නිවාඩු හිලව් දීමනාව නතරකර ඇත්තේ රජය ගත් ප්‍රතිපත්තිමය තීරණයක් මත බවද පැවසේ.
