මේ වසරේ මාස පළමු 07 ට වාහන ආනයනය සඳහා ඇමරිකානු ඩොලර් මිලියන 1495ක් වැය කරලා
1 min read
මේ වසරේ ජනවාරි සිට ජුලි දක්වා කාලය තුළ වාහන ආනයනය සඳහා ඇමරිකානු ඩොලර් මිලියන 1495ක් වැය කර ඇතිබව ශ්‍රී ලංකා මහබැංකුව පවසයි.
පසුගිය 2025 වසරේදී වාහන ආනයනය සඳහා වූ සම්පූර්ණ වියදම සටහන්ව තිබුණේ ඇමරිකානු ඩොලර් මිලියන 2040ක් වශයෙනි.
2026 ජූලි මාසයේ දී පුද්ගලික සහ වාණිජ කටයුතු සඳහා යොදා ගන්නා වාහන ඇතුළුව වාහන ආනයනය සඳහා වූ වියදම එ.ජ. ඩොලර් මිලියන 241 කි. එය එය 2026 ජූනි මාසයේ දී වාහන ආනයන වියදම වූ ඩොලර් මිලියන 182 හා සැසඳීමේ දී මාසික පදනම මත 32%ක ඉහළ යාමක් පෙන්නුම් කරයි.
