September 4, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

පොහොට්ටු රැළියට අනුරාධපුර ක්‍රීඩාංගණ දෙකම නොදෙයි…!

1 min read

සැප්තැම්බර් මස 12 වනදා අනුරාධපුරයේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ දිස්ත්‍රික් රැස්වීම සඳහා නගරයේ ප්‍රධාන ක්‍රීඩාංගණ දෙකම ලබා දීම අනුරාධපුර නගර සභාව විසින් ප්‍රතික්ෂේප කර තිබේ.
ඒ අනුව, අනුරාධපුර නගරයේ පිහිටි විශාලතම ක්‍රීඩාංගණ දෙක වන වලිසිංහ හරිස්චන්ද්‍ර ක්‍රීඩාංගණය සහ සල්ගාදු (නගර සභා) ක්‍රීඩාංගණය මෙම දේශපාලන රැස්වීම සඳහා ලබා දිය නොහැකි බව නාගරික කොමසාරිස්වරයා විසින් නිල වශයෙන් දැනුම් දී ඇත.

ජාතික ජන බලවේගය නියෝජනය කරන නගරාධිපතිවරයාගේ උපදෙස් මත මෙම තීරණය ගෙන ඇති බව වාර්තා වේ.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නියෝජිතයන් පවසන්නේ සල්ගාදු පිටිය ලබා ගැනීම සඳහා තමන් කලින්ම ඉල්ලුම් කර තිබියදී, පසුව අයදුම් කළ වෙනත් පාර්ශවයකට එම පිටිය ලබා දීමට නගර සභාව කටයුතු කර ඇති බවයි.

එමෙන්ම වලිසිංහ හරිස්චන්ද්‍ර ක්‍රීඩාංගණය ද තෙවන පාර්ශවයක් විසින් වෙන් කරගෙන ඇති බව පවසමින් තමන්ට ලබා දීම ප්‍රතික්ෂේප කර ඇති බව ඔවුහු වැඩිදුරටත් චෝදනා කරති.

මෙම තත්ත්වය මත සැප්තැම්බර් 12 වනදා පැවැත්වීමට නියමිත දිස්ත්‍රික් රැස්වීම සඳහා විකල්ප ස්ථානයක් සොයා ගැනීමට එම පක්ෂයේ සංවිධායකවරුන්ට සිදුව තිබේ.

ජනප්‍රිය පුවත්  පුරාවිද්‍යා පුවරු ගැලවූ සියල්ලන්ටම ඇප! .
Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
0
Would love your thoughts, please comment.x
()
x