September 14, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

22 වැනි සංශෝධනය අභියෝගයට ලක්කරමින් පෙත්සම් 67ක්.. 41ක්ම ඔන්ලයින්..

1 min read

රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 22 වැනි සංශෝධන පනත් කෙටුම්පත අභියෝගයට ලක් කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පෙත්සම් 67ක් ගොනු කර තිබේ.

ඒ අතරින් පෙත්සම් 41ක් මාර්ග ගත ක්‍රමයට ගොනුකර තිබීම විශේෂත්වයක්.

ඊට අමතරව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන අධිකරණ සංවිධාන සංශෝධන පනත් කෙටුම්පත අභියෝගයට ලක් කරමින් ගොනුකර තිබෙන පෙත්සම් සංඛ්‍යාව 05ක්.

මෙම පෙත්සම් සියල්ල විභාග කිරීම සඳහා අගවිනිසුරු ප්‍රීති පද්මන් සූරසේන පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් නම් කර තිබේ.

එම පංච පුද්ගල විනිසුරු මඩුල්ලේ සභාපති විනිසුරුවරයා වශයෙන් කටයුතු කරන්නේ අගවිනිසුරු ප්‍රීති පද්මන් සුරසේනයි.

එම විනිසුරු මඩුල්ලේ සෙසු සාමාජිකයින් ලෙස අචල වෙංගප්පුලි, අර්ජුන ඔබේසේකර, සම්පත් අබේකෝන් සහ ගිහාන් කුලතුංග යන අය කටයුතු කරයි.

මෙම පෙත්සම් සම්බන්ධයෙන් කරුණු දක්වන ලෙස දන්වා ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ඊයේ සවස නීතිපතිවරයා වෙත නොතිසි යවා තිබේ.

Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
0
Would love your thoughts, please comment.x
()
x