August 31, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

සූරසේනගේ “GRAND” පගා නිවසේ තව විස්තර මෙන්න !

1 min read

අප විසින් මීට සති 5 කට පෙර, ප්‍රථම වතාවට අණාවරණය කරන ලද අගවිනිසුරු, දේවගැති ප්‍රීති පද්මන් සූරසේනගේ වැඩිමහල් පුතුට හිමි නිවස පිළිබඳ තවත් තොරතුරු අප වෙත ලැබී තිබේ.

ඒ අනුව මෙම නිවස, කොළඹ නොතාරිස් පී.ඒ දිනිති පනාම්බර විසින් සහතික කරන ලද අංක 078 දරන හිමිකම් පැවරීමේ ඔප්පුව මගින් දමිතු සූරසේනගේ අයිතියට පවරා දී ඇත්තේ 2026 ජනවාරි මස 12 වැනි දිනය. එම හිමිකම් පැවරීමේ ඔප්පුවේ නිවසේ අයිතිකරුවන් ලෙස සඳහන්ව ඇත්තේ, අංක 57/9, සන්තනම්පිටිය පාර, ඇඹුල්දෙනිය, නුගේගොඩ යන ලිපිනයේ පදිංචි දමිතු පද්මන් සූරසේන සහ අංක 12, කල්‍යාණි මාවත, වත්තල යන ලිපිනයේ පදිංචි කළුආරච්චිගේ ෂැනෙල් ඇන්ටොනෙට් පෙරේරා යන අයයි. මේ පිළිබඳව අප ඵල කරන ලද පළමු පුවතේ මේ නම් දෙක සඳහන් කරන ලදී. ෂැනෙල් පෙරේරා යනු දමිතු සූරසේනගේ විවාහක බිරිඳ වේ.

මෙම නිවස පිහිටා ඇත්තේ (ඔප්පුවේ සඳහන් වන අන්දමට) “PRIME RESIDENCIES – THE GRAND WARD PLACE” ලෙස නම් කර ඇති සහාධිපත්‍ය ගොඩනැගිල්ලේ 12 වැනි මහලේ (LEVEL–12) ය.

ජනප්‍රිය පුවත්  ක්‍රිශාන්ත කුරේ නිසා අනුර - ජවිපෙ ගැටුමක්!

එහි පෙර ලියාපදිංචි අංකය වන්නේ CON E 2012/22,24 (කොළඹ ඉඩම් ලියාපදිංචි කාර්යාලය) වේ. තක්සේරු අංකය වන්නේ 64 12/6 යි. අයිතිකරුවන් දෙදෙනාගේ ගිණුම් අංකය ලෙස කොමර්ෂල් බැංකුවේ ඇති ගිණුම් අංකයක් සඳහන් කර තිබේ.

දේපලෙහි බිම් ප්‍රමාණය වර්ගමීටර් 133.78 (වර්ග අඩි 1440) ක් වෙතැයි එහි සඳහන්ව ඇත.

මෙම සහාධිපත්‍ය දේපල කොටස (Condominium Parcel No. CPF 12 P6) සහ ඊට අනුබද්ධ ප්‍රවේශ දේපල කොටස (Accessory Parcel ACP L3-36) කොළඹ ඉඩම් ලියාපදිංචි කාර්යාලයේ Volume/Folios CON E 212/22 සහ 24 යටතේ ලියාපදිංචි කර තිබේ.

මීට සතියකට පෙර, මේ පිළිබඳව අප ඵල කරන ලද “කොළඹ 7 GRAND සූරයා “නඩු බලවන” සූරසේන !” යනුවෙන් වූ පුවත මගින් අණාවරණය කලේ මේ සුඛෝපභෝගී නිවස අගවිනිසුරු දේවගැතිවරයාගේ පුතාට ලබා දී ඇත්තේ, මෙම නිවස කුළුනට අදාලව ප්‍රීති පද්මන් සූරසේන අභියාචනාධිකරණ විනිසුරුවරයකු ලෙස සිටිය දී ලබා දී ඇති නඩු තීන්දුවට පගාවක් ලෙස බවය. ප්‍රයිම් ලෑන්ඩ් සමාගම එම පගාව දී තිබෙන බව පැහැදිලිය.

අපගේ පෙර පුවත් දෙකම මේ සමග දක්වා ඇත.

ජනප්‍රිය පුවත්  ණය එක දවසට බිලියන 5.6ක්!!

මෙබඳු දූෂිතයකු තවත් වසර දෙකක් අගවිනිසුරු පුටුවේ තබාගැනීමට ජනාධිපති අනුර කුමාරට උවමනා වී ඇත්තේ ඇයිදැයි මේ අනුව පැහැදිලි වේ.

  • ජයන්ත එගොඩහේවා
Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
0
Would love your thoughts, please comment.x
()
x