September 4, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

තාප ජනන විදුලි උත්පාදනය විදේශ විනිමය අනවශ්‍ය ලෙස රටෙන් පිටට යාමක් – PUCSL

1 min read

තාප ජනනයෙන් විදුලිය උත්පාදනය අවම කරගැනීමට කටයුතු කරන්නේ නම් විදුලි ගාස්තු උච්ඡාවචනය නතර කර ගැනීමට හැකියාවක් පවතින බව ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිසමේ සභාපති K. P. L. චන්ද්‍රලාල් මහතා පවසයි.

ඔහු පෙන්වා දෙන්නේ පසුගිය කාලවකවානුවේ විදුලි ගාස්තු උච්චාවචනය වූයේ තාප විදුලිය උත්පාදනය සඳහා වැය වන පිරිවැය ඉහළ අගයක් වූ හේතුවෙන් බවය.

බලශක්ති ප්‍රභවයන් මත පදනම් වූ විදුලි බලාගාරවලින් විදුලිය මිලදී ගැනීම සම්බන්ධයෙන් අද (24) පැවති මාධ්‍ය හමුවේදී අදහස් දක්වමින් ඒ මහතා මේ බව පැවසීය.

සූර්ය බලයෙන් සහ පුනර්ජනනීය බලයෙන් විදුලිය උත්පාදනය කරගැනීමේ හැකියාවක් පවතින අවස්ථාවක තවමත් තාප ජනනයෙන් විදුලිය ලබාගැනීම සුදුසු තත්ත්වයක් නොවන බව ද ඒ මහතා පෙන්වා දෙයි.

එය විදේශ විනිමය අනවශ්‍ය පරිදි රටෙන් පිටට යාමක් වන අතර, ලෝක වෙළෙඳපොළේ තෙල් මිල ඉහළ යාමත් සමඟ තීරුබදු අගයන් ද වෙනස් වන බැවින් එය විදුලි ගාස්තු උච්චාවචනය සඳහා ද බලපෑම් එල්ල කරන බව ඒ මහතා මේ බව පැවසීය.

Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
0
Would love your thoughts, please comment.x
()
x