September 4, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

ජනමත විචාරණයක් නැති බවට ඇමති හර්ෂණගේ ප්‍රකාශයට දිනන දකුණෙන් දැඩි විවේචනයක්..

1 min read

22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට අදාළව අධිකරණ අමාත්‍යවරයා සිදුකළ ප්‍රකාශයක් මඟින් අධිකරණයේ ස්වාධීනත්වයට බරපතල ගැටලු සහගත තත්ත්වයක් මතුවන බව පවසමින් දකුණු සාමුහිකය සංවිධානය සිය දැඩි විවේචනය පළ කර තිබේ.

නිවේදනයක් නිකුත් කරමින් එම සංවිධානය පෙන්වා දෙන්නේ 22 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අභියෝගයකට ලක් කරමින් පෙත්සම් ගොනු කරමින් පවතින පසුබිමක අධිකරණ අමාත්‍ය නීතිඥ හර්ෂණ නානායක්කාර මහතා පෞද්ගලික රූපවාහිනී නාලිකාවක වැඩසටහනකට එක්වෙමින් සිදු කළ ප්‍රකාශය හෙළා දකින බවයි.

“කොහොමත් ජනමත විචාරණයක් පැවැත්වෙන්නේ නැහැ” යනුවෙන් අමාත්‍යවරයා එහිදී ප්‍රකාශයට පත් කළ අතර ඒ පිළිබදව වත්මන් රජයේ ස්ථාවරය පැහැදිලිව රට හමුවේ ප්‍රකාශ කරන ලෙස දිනන දකුණ සාමුහිකව ඉල්ලා සිටී.

ශ්‍රේෂ්ඨාධිකරණය විසින් අදාල පෙත්සම් විභාගයට ලක්කර තීන්දුව ප්‍රකාශයට පත් කිරීමට තිබියදී කැබිනට් අමාත්‍යවරයෙකු මෙවැනි ප්‍රකාශ සිදු කිරීම හරහා ස්වාධීන අධිකරණයට යම් බලපෑමක් කිරීමට උත්සහයක් කරන්නේ ද යන්න පිළිබඳව සාධාරණ සැකයක් මතුවනු බවයි එම සංවිධානය පවසන්නේ.

මීට පෙර කැබිනට් ප්‍රකාශක අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා ද මෙවැනිම ප්‍රකාශයක් සිදුකර ඇති බව පෙන්වන දිනන දකුණ සාමුහිකය , අධිකරණ ක්‍රියාවලියට බලපෑමක් එල්ල වන මෙවැනි ප්‍රකාශයන් සිදු නොකරන ලෙස රජයෙන් ඉල්ලා සිටි.

ජනප්‍රිය පුවත්  වෙනිසියුලාවේ භූකම්පනයෙන් මියගිය ගණන 1,450ක් දක්වා ඉහළට

40

SHARES
Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
0
Would love your thoughts, please comment.x
()
x