September 3, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

මේ වසරේ රිය අනතුරු 1654 කින් මරණ 1749 ක්

1 min read

මේ වසර ආරම්භයේ සිට මේ දක්වා මාරක රිය අනතුරු 1654 ක් සිදුව ඇති බව රථ වාහන පාලන හා මාර්ග ආරක්ෂාව දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති ඩබ්. පී. ජේ. සේනාධීර පවසයි.

මෙම මාරක රිය අනතුරු හේතුවෙන් පුද්ගලයන් 1749 ක් ජීවිතක්ෂයට පත්ව ඇතැයි ද ඒ මහතා පැවැසීය. බරපතළ අනතුරු හේතුවෙන් පුද්ගලයන් 45561 ක් සහ සුළු අනතුරු හේතුවෙන් 7295 ක් ප්‍රතිකාර සඳහා යොමුකර ඇති බවත් අලාභහානි 3232 ක් වාර්තා වී ඇති බවත් ඔහු පෙන්වා දෙයි.

මෙම මාර්ග අනතුරු හේතුවෙන් ජීවිතක්ෂයට පත්වූ පිරිස අතරට පදිකයන් 579 ක්, යතුරුපැදිකරුවන් 617 ක් පාපැදිකරුවන් 119 ක්, පසුපැදිකරුවන් 122 ක්, රියදුරන් 139 ක් සහ මගීන් 173 ක් බව ඔහු වැඩිදුරටත් පැවසීය.

Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
0
Would love your thoughts, please comment.x
()
x