සෞඛ්‍ය ඇමැතිගේ කාර්යාලයට ‘‘QR බැරියර්’’ එකක්
1 min read
සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ අමාත්‍ය කාර්යාලයට යම් අයෙක් පිවිසීමට පෙර QR කේතයක් ස්කෑන් කර සිය තොරතුරු ඇතුළත් කළ යුතු බවට පුවරුවක් ප්‍රදර්ශනය කර ඇත. අමාත්‍ය කාර්යාලය ඉදිරිපිට මෙම දැන්වීම ප්‍රදර්ශනය කර තිබේ.
‘ගරු අමාත්‍යතුමා හමුවීමට සහ අමාත්‍ය කාර්යාලයට පිවිසීමට පෙර ඔබගේ තොරතුරු ඉහත QR කේතය ස්කෑන් කර ඇතුළත් කරන්න.’’ යනුවෙන් එම පුවරුවේ දැක්වේ.
එම QR කේතයට ස්කෑන් කිරීමෙන් පසුව එහි සඳහන් පත්‍රිකාව තුළ දිනය, පැමිණි වේලාව, නම, දිස්ත්‍රික්කය, තනතුර, දුරකථන අංකය, කාරණය, හමුවීමට අවශ්‍ය නිලධාරියා, පිටවූ වේලාව යන තොරතුරු ඇතුළත් කළ යුතුය.
