September 3, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

ත්‍රීරෝද රථයක් හා මෝටර් රථයක් ගැටී කුඩා දැරියක් ඇතුළු තිදෙනෙකු ජීවිතක්ෂයට

1 min read

මීගහවත්ත පොලිස් වසමේ නව මහනුවර මාර්ගයේ දෙල්ගොඩ ප්‍රදේශයේදී ත්‍රීරෝද රථයක් හා මෝටර් රථයක් ගැටී කුඩා දැරියක් ඇතුළු තිදෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇත.

බියගම දෙස සිට දෙල්ගොඩ දෙසට ධාවනය වූ ත්‍රීරෝද රථය මාර්ගයේ දකුණු පසට හැරවීමට යාමේදී විරුද්ධ දෙසින් පැමිණි කාර් රථයේ ගැටී අනතුර සිදුව තිබුණේ ඊයේ (19) දහවල් කාලයේ දීය.

අනතුරින් බරපතළ තුවාල ලැබූ ත්‍රීරෝද රථ රියදුරු, එහි ගමන්ගත් කාන්තාවන් දෙදෙනෙකු හා ළමුන් දෙදෙනෙකු බරපතළ තුවාල ලබා උඩුපිල රෝහලට ඇතුළත් කිරිමෙන් පසු ත්‍රීරෝද රථ රියදුරු, කාන්තාවක් හා දැරියක් මියගොස් ඇත.

එලෙස මියගොස් ඇත්තේ 69 හැවිරිදි දෙල්ගොඩ පදිංචිව සිටි අයෙකු, 39 හැවිරිදි හා 7 හැවිරිදි සියඹලාපේ පදිංචි මව සහ දියණිය බව පොලීසිය පැවසීය.

අනතුරින් තුවාල ලැබූ මෝටර් රථයේ ගමන්ගත් කුඩා දැරියක්ද රාගම රොහලට ඇතුළත් කර ඇත.

මීගහවත්ත පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
0
Would love your thoughts, please comment.x
()
x