බුද්ධගයාවේ පූර්ණ අයිතිය බෞද්ධයන්ට දෙන්නේ නෑ.. – විවේකානන්ද ගිරි
1 min read
ඉන්දියාවේ බුද්ධගයා විහාරයේ සම්පූර්ණ අයිතිය බෞද්ධයින්ට ලබා නොදෙන බව බුද්ධගයා හිංදු කෝවිලේ ප්‍රධාන පූජකවරයා වන විවේකානන්ද ගිරි පවසයි.
හෙතෙම පවසන්නේ, බෞද්ධ විහාරයේ සම්පූර්ණ පාලනය ලබා ගැනීම සඳහා බෞද්ධයන් ගෙන යන මෙම ව්‍යාපාරය ඵලක් නොමැති එකක් බව ය.
විවේකානන්ද ගිරි වැඩිදුරටත් පවසන්නේ පරිපාලන කමිටුවේ සිටින හිංදු සාමාජිකයන් ද ගෞතම බුදුරජාණන් වහන්සේගේ අනුගාමිකයන් වන බව ය.බෞද්ධ විහාරය තුළ ශිව දෙවියන්ට වන්දනාමාන කිරීම පිළිබඳව ඔහු පවසන්නේ, එම සිරිත ගෞතම බුදුරජාණන් වහන්සේගේ කාලයටත් වඩා පැරණි එකක් බව ය.
කෙසේ වුවත් වසර අටක් පුරා මහාබෝධි විහාරස්ථානයේ ප්‍රධාන සංඝනායක හිමි ලෙස කටයුතු කළ පූජ්‍ය ප්‍රඥාශීල හිමි පවසන්නේ, මහාබෝධි විහාරය ලොව පුරා වෙසෙන බෞද්ධයන්ගේ උරුමයක් බව ය.“බුදුදහමේ අති පූජනීය ම ස්ථානය බෞද්ධයන්ට ලබා නොදීම එම දහමට කරනු ලබන මහා අසාධාරණයක්” බවද උන්වහන්සේ පවසති.
