September 4, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

රේගු අධ්‍යක්ෂ ජනරාල් මාලිමාව ඉදිරියේ දණ ගසයි… කන්ටේනර් 323 ගැන කිසිදු තොරතුරක් නැතැයි දැනුම් දෙයි…!

1 min read

භෞතික පරීක්ෂාවකින් තොරව නිදහස් කරන ලද බව කියන බහාළුම් 323ක් සම්බන්ධයෙන් කිසිදු තොරතුරක් හෝ ලේඛනයක් තමන් සතුව නොමැති බව ශ්‍රී ලංකා රේගුව නිල වශයෙන් දැනුම් දී තිබේ.

විනිවිද පදනමේ නාගානන්ද කොඩිතුවක්කු විසින් තොරතුරු දැනගැනීමේ පනත යටතේ ඉදිරිපත් කරන ලද ඉල්ලීමකට ප්‍රතිචාර දක්වමින් රේගුව මේ බව දැනුම් දී ඇත.

රේගු භාණ්ඩ පරීක්ෂණ අංශය පවසා ඇත්තේ අදාළ ක්‍රමවේදයන් යටතේ කිසිදු පරීක්ෂාවකින් තොරව නිදහස් කරන ලද බහාළුම් පිළිබඳ කිසිදු ලේඛනයක් හෝ දත්තයක් තමන් සතුව නොමැති බවයි.

මෙයට පෙර කන්ටේනර් 323ට අදාළ රේගු සටහන්කරවල ඡායා පිටපත් විනිවිද පදනමට නිකුත්කළ රේගු අධ්‍යක්ෂ ජනරාල් මේ වන විට මාලිමාව හමුවේ දණ ගසා ඇති බව මෙම ප්‍රතිචාරය මගින් පැහැදිලි වන බවද නාගානන්ද කොඩිතුවක්කු සඳහන් කරයි.

Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
0
Would love your thoughts, please comment.x
()
x