ලලිත් වීරතුංගගේ නඩු ගැනත් හොයන ජනපතිගේ “දඩයම් කමිටුව”ක් !
1 min read
විපක්ෂයේ දේශපාලනඥයන්, රාජ්ය නිලධාරින් ඇතැම් ව්යාපාරිකයන්ට අදාළ අධිකරණය හමුවේ විභාග කෙරෙන නඩුවල හා වෙනත් විමර්ශණවල ප්රගතිය මාසිකව විමසා බැලීම සඳහා ජනාධිපතිවරයා විසින් විශේෂ කමිටුවක් පිහිටුවා තිබේ.
සෑම මසකටම වරක් රැස්වන එම කමිටුව පැවැත්වෙන්නේ ජනාධිපතිවරයාගේ ප්රධානත්වයෙනි. නීතිපති දෙපාර්තමේන්තුව නියෝජනය කරමින් එහි අතිරේක සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් ද, අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂම නියෝජනය කරමින් එහි අධ්යක්ෂ ජනරාල් රංග දිසානායක ද පොලීසිය නියෝජනය කරමින් නි. පොලිස්පති ශානි අබේසේකර ද මෙම කමිටුවට සහභාගී වේ. මීට අමතරව සියළු නඩු විභාග සහ විමර්ශන පිළිබඳ ලිපි ගොනුව සමඟ, අදාළ කමිටුව මෙහෙයවීම සඳහා ජනාධිපතිවරයාගේ සහායට නීතිඥ අකලංක උක්වත්ත ද මෙහි නියෝජනය වේ.
අකලංක උක්වත්ත පසුගිය පාර්ලිමේන්තු මැතිවරණය “මාලිමා”වෙන් තරගකර පරාජ්ය වූ පුද්ගලයෙකි. ජාතික ජන බලවේගයට අනුබද්ධ නීතිඥ සංවිධානයේ කැඳවුම්කරු ලෙස ක්රියා කරන්නේ ද ඔහුය.
පසුගිය දා රැස් වූ මෙම “දඩයම් කමිටුවේ” දී හිටපු ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග ඉලක්කකොට විමර්ශනය කෙරෙන හා අධිකරණය හමුවේ කරුණු වාර්තා කර තිබෙන ක්රීඩා අමාත්යාංශයට අයත් බස් රථයක් කාල්ටන් පෙර පාසැලට ලබාදීම පිළිබඳ විමර්ශනයේ ප්රගතිය ද විමසා බලා තිබේ. ජනාධිපතිවරයා විසින්ම විමසා ඇති අදාළ විමර්ශනයේ කටයුතු කඩිනමින් ඉදිරියට ගෙන යන ලෙස ද උපදෙස් දී තිබේ.
දැනට විපක්ෂයේ දේශපාලනඥයන්, ව්යාපාරිකයන්, රාජ්ය නිලධාරින්ට අදාළ සියළුම විමර්ශන මෙම “දඩයම් කමිටුවේ” දී ජනාධිපතිවරයා විසින්ම ප්රගතිය සමාලෝචනය කරනු ලබන අතර, ඒවා කඩිනම් කිරීමට ගත යුතු පියවර ද නිර්දේශ කරනු ලබයි. විනිශ්ච්යකාරවරුන් කළමනාකරණය කිරීම බොහෝ විට සිදු කරනුයේ රංග දිසානායක මගින් යැයි අපගේ ආරංචිමාර්ග අවධාරණය කරයි.
ගෝඨාභය රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයාගේ පෞද්ගලික ලේකම්ව සිටි සුගීෂ්වර බණ්ඩාරට දිගින් දිගටම ඇප ලබා නොදී රැඳවුම්භාරයේ තබාගැනීමට උපදෙස් ලබාදෙන්නේ ද මෙම “දඩුවම්” කමිටුව තුල ය.
ජනාධිපති ලේකම් කාර්යාලයේ ඇතැම් නිලධාරින් එකිනෙකා හා පවසන පොදු “විහිළුවක්” වනුයේ, බලනහර කැපෙන හා සිය දිවි නසාගැනීම වැනි තීරණ ගැනෙන්නේ, මෙම දඩයම් කමිටුව තුළ අණාවරණය වන කරුණු මත බවයි.
- සතිස් තිරණාගම
