August 30, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

සූරසේන “රී ලෝඩයට” එරෙහිව, එක්සත් ජාතීන්ගේ සංවිධානයේ නිවේදනයක් !

1 min read

ශ්‍රී ලංකාවේ ඉහළ අධිකරණ විනිසුරුවන්ගේ විශ්‍රාම යන වයස වැඩි කිරීමට යෝජිත ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳව සිය කනස්සල්ල පළ කරමින්, විනිසුරුවරුන්ගේ සහ නීතිඥයන්ගේ ස්වාධීනත්වය පිළිබඳ එක්සත් ජාතීන්ගේ විශේෂ වාර්තාකාරිනි මාගරට් සැටර්ත්වේට් මහත්මිය විශේෂ නිවේදනයක් නිකුත් කර තිබේ.

ශ්‍රී ලංකා ජනාධිපතිවරයා වෙත යොමු කර තිබෙන එම ලිපිය මගින් ඇය අනතුරු අඟවා ඇත්තේ, මෙම සංශෝධනය ක්‍රියාත්මක කළහොත්, එය අධිකරණයේ ස්වාධීනත්වයට හා අධිකරණය කෙරෙහි මහජන විශ්වාසයට හානි කළ හැකි බවයි. එමෙන්ම, දැනට සේවයේ නිරත විනිසුරුවන්ගේ ධූර කාලයට මෙම සංශෝධනය මගින් බලපෑම් කළ හැකි බවත්, එමඟින් විධායකය සහ ව්‍යවස්ථාදායකය අධිකරණ කටයුතුවලට මැදිහත්වීම පිළිබඳ ගැටළු මතුවියහැකි බවත් ඇය එම ලිපිය මගින් අවධාරණය කරනු ලැබ තිබේ.

මෙබඳු ප්‍රතිසංස්කරණයක් කිරීමේ දී එය විනිවිදභාවයෙන් යුත්, සියලු පාර්ශවයන්ගේ සහභාගිත්වයෙන් සහ පුළුල් සාකච්ඡාවකින් සමන්විත අධිකරණ ප්‍රතිසංස්කරණ ක්‍රියාවලියක් හරහා සිදුවිය යුතු බවද ඇය පෙන්වා දී ඇත. මේ සමග පළ කෙරෙනුයේ එම නිවේදනයයි.

  • විජිත ප්‍රියදර්ශන

එක්සත් ජාතීන්ගේ විශේෂ වාර්තාකාරිනි මාගරට් සැටර්ත්වේට්

Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
0
Would love your thoughts, please comment.x
()
x