October 28, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

කොලොම්බියාවේ ප්‍රබල භූ කම්පනයක් |150ක් ජීවිතක්ෂයට

1 min read

බටහිර කොලොම්බියාවට බලපෑ ප්‍රබල භූ කම්පනය හේතුවෙන් අවම වශයෙන් පුද්ගලයන් 150 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තවත් 570 දෙනෙකු තුවාල ලබා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

විනාශයට පත් ගොඩනැගිලිවල සුන්බුන් අතර සිරවී සිටින පිරිස් මුදාගැනීම සඳහා සහන සේවකයින් මේ වන විට දැඩි පරිශ්‍රමයක නිරත වෙමින් සිටිති.

කැලි නගරයේ පිහිටි රෝහලක ළමා සහ අලුත උපන් බිළිඳුන්ගේ වාට්ටු පවතින කොටස ද මෙම භූ කම්පනයෙන් සම්පූර්ණයෙන්ම කඩා වැටී ඇති බව එම වාර්තා වැඩිදුරටත් සඳහන් කරයි.

උද්ගතව ඇති මෙම බරපතළ තත්ත්වය හමුවේ කොලොම්බියානු රජය විසින් රට තුළ ජාතික ආපදා තත්ත්වයක් ප්‍රකාශයට පත් කර ඇත.

සහන සේවා කටයුතු කඩිනම් කිරීම සහ ආරක්ෂාව තහවුරු කිරීම සඳහා හමුදා භට පිරිස් ද ආපදාවට ලක්වූ ප්‍රදේශ වෙත යොමු කිරීමට පියවර ගෙන තිබේ.

Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
0
Would love your thoughts, please comment.x
()
x