September 1, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

මහ නායක හිමිවරු 22 සංශෝධනය ගැන ජනපතිට යැවූ ලිපිය තොරතුරු පනතින් ඉල්ලයි…

1 min read

අධිකරණවල විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස වැඩිකිරීමේ තීරණය සම්බන්ධයෙන් ත්‍රෛනිකායික මහානායක හිමිවරුන් විසින් ජනාධිපතිවරයා වෙත යොමු කළ බව කියන ලිපිය පිළිබඳව කරුණු විමසමින් සිවිල් සංවිධාන සහ විවිධ වෘත්තිකයින් පිරිසක් තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම පිළිබඳ පනත යටතේ ජනාධිපති ලේකම් කාර්යාලය වෙත අයදුම්පත් යොමු කර තිබේ.
විසි දෙනෙකුට ආසන්න පිරිසක් මෙම තොරතුරු ඉල්ලා ඇති බව වාර්තා වේ.

අදාළ ලිපිය ජනාධිපති ලේකම් කාර්යාලයට ලැබී තිබේද, එහි ලියාපදිංචි තොරතුරු මොනවාද සහ එම ලිපිය සම්බන්ධයෙන් ගෙන ඇති පියවර කවරේද යන්න පිළිබඳව නිල තොරතුරු ලබාදෙන ලෙස ඔවුන් ඉල්ලා ඇත.

විශේෂයෙන්ම 2026 වර්ෂයේදී හෝ ව්‍යවස්ථා සංශෝධන ක්‍රියාවලිය ආරම්භ වූ දින සිට මේ දක්වා මල්වතු, අස්ගිරි, රාමඤ්ඤ සහ අමරපුර මහා නිකායවල මහානායක හිමිවරුන්ගේ අත්සනින් යුතුව විශ්‍රාම වයස සම්බන්ධයෙන් කිසියම් ලිපියක් ලැබී ඇත්නම්, එහි පිටපතක් සහ ඒ සම්බන්ධයෙන් ජනාධිපතිවරයා ලබාදුන් නියෝග හෝ උපදෙස් පිළිබඳ වාර්තා ද මෙමගින් ඉල්ලා තිබේ.

යම් හෙයකින් එවැනි ලිපියක් ලැබී නොමැති නම්, එය නොලැබුණු බව තහවුරු කරන ලෙස ද එම අයදුම්පත් මගින් වැඩිදුරටත් ඉල්ලා ඇත.

ජනප්‍රිය පුවත්  විපක්ෂයේ නීතිඥයින් සාදා දෙන ලිපිවලට මහනායක හිමිවරු අත්සන් කරනවා.. - මාලිමා මන්ත්‍රී රුවන් මාපලගම

මෙම තොරතුරු විමසීමට ප්‍රධානතම හේතුව වී ඇත්තේ, මල්වතු පාර්ශ්වයේ මහානායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල මහා නාහිමිපාණන් විසින් පසුගියදා සිදුකළ ප්‍රකාශයකි.

උන්වහන්සේ ප්‍රකාශ කර තිබුණේ එවැනි ලිපියක් ජනාධිපතිවරයා වෙත යොමු කළත් එය ලැබුනාද නැද්ද කියා තමන් වහන්සේ කිසිවක් නොදන්නා බවයි.

Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
0
Would love your thoughts, please comment.x
()
x