August 8, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

පෙරහැර මංගල්‍යය විකාරයක් යැයි අගමැතිනිය කියන්නේ කොහොමද….! – වෛද්‍ය වසන්ත බණ්ඩාර

1 min read

සම්බුද්ධ ශාසනයේ සහ මෙරට සංස්කෘතියේ ප්‍රධාන අංගයක් වන පෙරහැර මංගල්‍යය විකාරයක් වැවි අගමැතිනි හරිනි අමරසූරිය හඳුන්වන්නේ කෙසේදැයි දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර ප්‍රශ්න කරයි.


විශේෂ මාධ්‍ය හමුවක් අමතමින් ඔහු අවධාරණය කළේ, සියවස් ගණනාවක් පුරා පැවත එන ඓතිහාසික හා ශාසනික වටිනාකමකින් යුත් පෙරහැර සංස්කෘතිය පහත් කොට සැලකීම කිසිසේත්ම අනුමත කළ නොහැකි බවයි.


ඇතැම් ඇමතිවරුන් වෙනත් ජාතීන්ගේ සිත් රිදේවි යැයි බියෙන් පෙරහැර කෙටි කිරීමට උත්සාහ දරන බවටත්, අගමැතිවරිය බෞද්ධ සභ්‍යත්වයේ සුවිශේෂී ප්‍රකාශනයක් වන පෙරහැර විකාරයක් ලෙස පවසන බවටත්, සුළු ජාතික ඡන්දවලින් ගොඩයෑමට ආණ්ඩුව මෙබඳු ප්‍රකාශ සිදු කරන බවටත් වසන්ත බණ්ඩාර චෝදනා නගයි.


එසේම, මහවැලි පනත අහෝසි කිරීමට ගන්නා උත්සාහය පිටුපස ඇති අවදානම පෙන්වා දුන් වෛද්‍ය වසන්ත බණ්ඩාර, එමගින් නැගෙනහිර පළාතේ ඉඩම් අයිතියට සහ අනාගතයට සිදු වන බලපෑම පිළිබඳව ද දැඩි අවධානය යොමු කළ යුතු යයි ද සඳහන් කළේය.

Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
0
Would love your thoughts, please comment.x
()
x