බදුල්ල බන්ධනාගාරයේ ආරක්ෂාව තර කරයි
1 min read
පොලිසිය සහ පොලිස් විශේෂ කාර්ය බළකායේ (STF) අධීක්ෂණය යටතේ බදුල්ල බන්ධනාගාරයේ ආරක්ෂාව තර කිරීමට විශේෂ ආරක්ෂක වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කර ඇති බව ජ්‍යෙෂ්ඨ ආරක්ෂක නිලධාරියෙකු ප්‍රකාශ කළේය.
පසුගියදා ගැටුම්කාරී තත්ත්වයක් හටගත් මහර බන්ධනාගාරයේ සිට රැගෙන ආ රැඳවියන් දසදෙනෙකුද දැනට බදුල්ල බන්ධනාගාරයේ රඳවා සිටිති.
මේ අතර බුද්ධි අංශ නිලධාරීන් පැය 24 පුරාම සක්‍රිය ලෙස විමසිල්ලෙන් පසුවන බවද අදාළ ආරක්ෂක නිලධාරියා වැඩිදුරටත් සඳහන් කළේය.
