August 8, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

හිටපු අගවිනිසුරු නිකුත් කළ විනිසුරු වයස් ලේඛනය මෙන්න… අගවිනිසුරු විශ්‍රාම යා යුතු දිනය ඉක්මවා මාස 7යි… ඔහුට වැඩිමල් සහ බාල විනිසුරුවරුන් විශ්‍රාම ගිහින්…! – රෝහිණී කවිරත්න…

1 min read

අගවිනිසුරු ප්‍රීති පද්මන් සූරසේන තවත් වසර දෙකක් ධුරයෙහි තබා ගැනීමට ආණ්ඩුවට අවශ්‍ය වී ඇත්තේ සිය නූලෙන් නැටවිය හැකි රූකඩයක් අගවිනිසුර තනතුරෙහි තබා ගැනීමේ අවශ්‍යතාව නිසා බව පාර්ලිමේන්තු මන්ත්‍රීනි රෝහිණී කවිරත්න පවසයි.

මාස හතක් තිස්සේ ඉහළ උසාවිවල විනිසුරු පුරප්පාඩු අටක් තිබුණද ඒවාට සුදුසුකම් සහිත විනිසුරුවන් පත් නොකර නීතිය යනු පාලකයාගේ කැමැත්ත යැයි පෙර කිසිම අවස්ථාවක නොවූ ආකාරයෙන් ආණ්ඩුව තහවුරු කරමින් ඇතැයිද මන්ත්‍රීවරිය අවධාරණය කරයි.

හිටපු අගවිනිසුරු ජයන්ත ජයසූරිය සමයේ නිකුත් කර දැනට සමාජ මාධ්‍යවල සංසරණය වන ලේඛනයක් අනුව ප්‍රීති පද්මන් සූරසේන අගවිනිසුරුවරයා 2026 ජනවාරි 12 වෙනිදා විශ්‍රාම ගතයුතු බවද මේ පිළිබඳ වහාම පාර්ලිමේන්තු තේරීම් කාරකසභාවක් කැඳවා විමර්ශනය කළ යුතු බවද රෝහිණී කවිරත්න ප්‍රකාශ කරයි.

එම ලේඛනයෙහි සඳහන් සියලු විනිසුරුවරුන් එහි සඳහන් නිශ්චිත දිනවල විශ්‍රාම ගෙන ඇති බවද එම වාර්තාව බොරුවක් නම් වහාම විමර්ශනයක් පවත්වා එය සමාජයට තහවුරු කළ යුතු බවද ඇය වැඩි දුරටත් පෙන්වා දෙයි.

ඊයේ (05) පාර්ලිමේන්තුව අමතමින් රෝහිණී කවිරත්න මේ බව ප්‍රකාශ කළ අතර ආණ්ඩු පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රිනි නිලන්ති කොට්ටහච්චි ඊට විරෝධයපාමින් සඳහන් කළේ ස්ථාවර නියෝග අනුව විනිසුරුවරුන්ගේ පෞද්ගලික පැවැත්ම පූර්ණ යෝජනාවක් නොමැතිව පාර්ලිමේන්තුවේ සාකච්ඡා කළ නොහැකි බවයි.

ජනප්‍රිය පුවත්  සමරිසි සංචාරක ප්‍රවර්ධන ලිපිය ඉවත් කර ගන්නා බව නීතිපති අභියාචනාධිකරණයට දැනුම් දෙයි!

40

SHARES
Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
0
Would love your thoughts, please comment.x
()
x