August 7, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

රැඳවියෝ 1,021ක් මියගිහින්..

1 min read

බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ 2025 වාර්ෂික කාර්යසාධන වාර්තාවට ඇතුළත් කර ඇති විගණන වාර්තාවකට අනුව, 2020 ජනවාරි 01 සිට 2025 දෙසැම්බර් 31 දක්වා වූ වසර පහක කාලය තුළ දිවයිනේ බන්ධනාගාර 25කින් රැඳවියන් 1,021 දෙනෙකු මියගොස් ඇත.

මියගිය පිරිසෙන් 54%ක් ම සැකකරුවන් ලෙස බන්ධනාගාරගත කර සිටි රිමාන්ඩ් රැඳවියන් වන අතර, ඉතිරි 46% (රැඳවියන් 469 දෙනා) සිරදඬුවම් විඳිමින් සිටි පිරිසයි.

මියගිය පිරිසෙන් 384 දෙනෙකු (38%ක්) අයිස්, හෙරොයින්, ගංජා, නීති විරෝධී මත්පැන් හා මෝදක ඇතුළු මත්ද්‍රව්‍ය ළඟ තබාගැනීම හෝ විකිණීම සම්බන්ධයෙන් බන්ධනාගාරගත වූවන් වේ.

ඉකුත් වසර තුළ මත්ද්‍රව්‍ය වැරදි සම්බන්ධයෙන් සිරගත වූ මුළු සංඛ්‍යාව 29,177ක් වන අතර, එය එම වසරේ බන්ධනාගාරගත වූ සමස්ත රැඳවියන්ගෙන් 61.2%ක ප්‍රතිශතයකි.

Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
0
Would love your thoughts, please comment.x
()
x