කොත්මලේ ජලාශයේ වාන් දොරටු විවෘත කරයි | ජනතාවට අනතුරු ඇඟවීම්…!
1 min read
ඉහළ කොත්මලේ ජල පෝෂක ප්‍රදේශවලට තව දුරටත් ඇදහැලෙන ඇද හැලෙන අධික වර්ෂාව හේතුවෙන් ඉහළ කොත්මලේ ජලාශයේ වාන් දොරටු තුනක් (03) දින අලුයම ස්වයක්‍රීයව විවෘත වී ඇති බව එම ජලාශභෘර ඉංජිනේරුවරුන් පැවසිය.
ඉහල කොත්මලේ ජල පෝෂක ප්‍රදේශවලට තවදුරටත් අධික වැසි පතිත වුවහොත් එම ජලාශයේ සෙසු වාන් දොරටු ස්වයංක්‍රියව විවෘත වන බැවින් ජලාශ වේල්ලට පහලින් කොත්මලාඔයේ දෙපස පදිංචිකරුවන් සැලකිලිමත් ලෙස සිටින ලෙසයි ආපදා කලමණාකරණ ඒකකයේ ඉල්ලා සිටින්නේ.
ප්‍රදේශයට ඇද හැලෙන අධික වර්ෂාවත් සමග සෙන් ක්ලෙයාර් සහ ඩෙවෝන් දිය ඇලි වල ජල ධාරිතාව ඉහල ගොස් ඇත.
– රංජිත් රාජපක්ෂ
