August 7, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

කැලණි ගඟ ආශ්‍රිතව මහ ගංවතුර තත්ත්වයක් ඇතිවීමේ අවදානමක්

1 min read

ඉදිරි පැය 24 තුළ කැලණි ගඟ ආශ්‍රිත ප්‍රදේශවල මහ ගංවතුර තත්ත්වයක් ඇතිවීමේ අවදානමක් පවතින බවට වාරිමාර්ග දෙපාර්තමේන්තුව අනතුරු ඇඟවීමක් නිකුත් කර තිබේ.

එම දෙපාර්තමේන්තුව විසින් නිකුත් කළ නිවේදනයේ දැක්වෙන්නේ, කැලණි ගඟ ද්‍රෝණියේ ඉහළ හා මධ්‍යම ධාරා ප්‍රදේශවලට මේ වන විට දැඩි වර්ෂාපතනයක් ලැබී ඇති බවයි.

තවද එම ප්‍රදේශවල වැසි තත්ත්වය තවදුරටත් පවතින බැවින්, දෙහිඕවිට, රුවන්වැල්ල සහ යටියන්තොට ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවලට අයත් කැලණි ගංඟා නිම්නයේ පහත්බිම් ප්‍රදේශවල මහ ගංවතුර තත්ත්වයක් ඇතිවිය හැකි බවට එම නිවේදනයෙන් සඳහන් කර ඇත.

ඒ අනුව කැලණි ගඟේ ජල මට්ටම කෙටි කාලයක් තුළ වේගයෙන් ඉහළ යා හැකි බැවින්, ගඟ ආශ්‍රිත පහත්බිම්වල පදිංචිකරුවන් මෙන්ම එම ප්‍රදේශ හරහා ගමන් කරන රියදුරන් ද දැඩි අවධානයෙන් සහ සැලකිල්ලෙන් කටයුතු කරන ලෙස වාරිමාර්ග දෙපාර්තමේන්තුව ඉල්ලා සිටී.

Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
0
Would love your thoughts, please comment.x
()
x