August 3, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

සුරසේනගේ කාලය දිගු කරන්න එපා ! මහානායක හිමිවරු ජනපතිට ලියති

1 min read

අගවිනිසුරු, දේවගැති ප්‍රීති පද්මන් සූරසේනගේ විශ්‍රාම වයස දෙවසරකින් දිගු කර තවදුරටත් ඔහුව එම ධූරයේ තබාගැනීම පිණිස ආණ්ඩුව ගෙන ඒමට සැරසෙන 22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය වහාම හකුලාගන්නා ලෙස අවධාරණය කරමින් ත්‍රෛයිනිකායික මහානායක හිමිවරුන්ගේ අත්සනින් යුත් ලිපියක් ජනාධිපතිවරයාට යොමු කර තිබේ. සියම් මහානිකායේ මල්වතු පාර්ශවයේ මහානායක අතිපූජ්‍ය තිබ්බටුවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල හිමියන් අද උන්වහන්සේ බැහැදැකීමට පැමිණි ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සභාපති නීතිඥ රජීව් අමරසූරිය ඇතුළු නීතිඥ කණ්ඩායම හමුවේ ඒ බව ප්‍රකාශ කර තිබේ.

අපගේ විමර්ශනයට අනුව මෙම ලිපිය ජනාධිපතිවරයාගේ අවධානයට යොමුව ඇත්තේ ඊයේ (02) පෙරවරුවේ දී ය. එය දැක කලබලයට පත්ව ඇති ජනාධිපතිවරයා, වහාම මහානායකහිමිවරු බැහැදැකීමට වෙලාවක් වෙන්කරගන්නා ලෙස නිලධාරින්ට උපදෙස් දී තිබේ. ඒ අනුව ලබන 5 වැනි දා (බදාදා) මහානායකහිමිවරුන් බැහැදැකීමට ජනාධිපතිවරයා වෙලාවක් වෙන්කරගෙන තිබේ.

ඒ අතරම ජනාධිපතිවරයා විසින් උපදෙස් දී ඇත්තේ, අධිකරණ ඇමැති ඊට පෙර මහානායකහිමිවරු බැහැදැක අදාළ සංශෝධනය කිරීමට අදාළ හේතු පැහැදිලි කරන ලෙසය. ඒ අනුව අධිකරණ ඇමතිවරයා අද (03) මහනුවර බලා පිටත්වගොස් ඇත.

ජනප්‍රිය පුවත්  රෝගී ජීවිත බිල්ලට! ජයතිස්සට එරෙහිව නඩු පිට නඩු!

මේ බව දැනගත් ශ්‍රී ලංකා නීතිඥ සංගමය, ඊයේ (02) කරන ලද ඉල්ලීමකට අනුව මහානායකහිමිවරු අද පෙරවරුව ඔවුන් හමුවීමට වෙන්කරගෙන තිබේ. ජනාධිපතිරයා මුණගැසීමට පෙර තම ස්ථාවරය රටට දැනගැනීමට සැලැස්වීම සුදුසු බව සිතූ මල්වතු මහානායකහිමියන්, එතෙක් ප්‍රසිද්දියට පත් නොවූ කරුණක් වූ අදාළ ලිපිය පිළිබඳව අණාවරණය කර තිබේ. පසුව උන්වහන්සේලාගේ එකඟතාව පරිදි නීතිඥ සංගමයේ සභාපතිවරයා මේ බව මාධ්‍ය හමුවේ අණාවරණය කර ඇත.

සූරසේන දිගුව සඳහා ගෙන එන 22 වැනි ව්‍යවස්ථා සංශෝධනයට විවිද පාර්ශවවල විරෝධය බලවත්ව නැගෙමින් තිබීම විසින් ආණ්ඩුව “මඟ හිටියොත් තෝ නසී – ගෙදර ගියොත් අඹු නසී” ඉරණමට ලක්ව තිබේ.

  • ප්‍රියන්ත පනාමුල්ල
Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
0
Would love your thoughts, please comment.x
()
x