August 3, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

හැටන්-කොළඹ පාර දියගලින් වැසෙයි

1 min read

අධික වර්ෂාවත් සමඟ හැටන් – කොළඹ ප්‍රධාන මාර්ගයේ දියගල ප්‍රදේශයේ ස්ථාන කිහිපයකට පස්කඳු කඩා වැටීම හේතුවෙන් එම මාර්ගයේ රථවාහන ධාවනය සම්පූර්ණයෙන්ම ඇණහිට ඇති බව පොලීසිය පවසයි.

​පස්කඳු හා ගල්පර්වත මාර්ගයට පතිත වීම නිසා හැටන් සිට ගිනිගත්හේන, නාවලපිටිය, මහනුවර සහ කොළඹ දක්වා ගමන් ගන්නා රථවාහන මෙන්ම එම දිශාවන්ගෙන් හැටන් දෙසට පැමිණෙන රථවාහන සඳහා ද ගමනාගමන බාධා එල්ල වී තිබේ.

​මේ හේතුවෙන් මාර්ගයේ දෙපසම විශාල රථවාහන ප්‍රමාණයක් පෝලිම්වල නතර කර තැබීමට සිදුව ඇති අතර, මගීන් දැඩි අසීරුතාවයට පත්ව සිටිති.

​පස්කඳු ඉවත් කර මාර්ගයේ ගමනාගමන කටයුතු යථා තත්ත්වයට පත් කිරීම සඳහා මාර්ග සංවර්ධන අධිකාරිය සහ ප්‍රදේශවාසීන් එක්ව මේ වන විටත් මෙහෙයුම් ආරම්භ කර ඇත.

කෙසේ වෙතත්, පවතින අයහපත් කාලගුණික තත්ත්වය හමුවේ විකල්ප මාර්ග භාවිතා කරන ලෙස පොලීසිය රියදුරන්ගෙන් ඉල්ලා සිටියි.

Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
0
Would love your thoughts, please comment.x
()
x