August 3, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 86,000 ඉක්මවයි

1 min read

ඩෙංගු රෝගීන්ගේ සංඛ්‍යාව මේ වන විට 86,386ක් දක්වා ඉහළ ගොස් ඇති බව ජාතික ඩෙංගු මර්දන ඒකකයේ නවතම දත්ත පෙන්වා දී ඇත.

අගෝස්තු මාසයේ මුල් දින කිහිපය තුළ පමණක් රෝගීන් 1,034දෙනෙකු වාර්තා වී තිබේ.

මෙම වසරේ මාසික දත්ත විශ්ලේෂණය කිරීමේදී වැඩිම රෝගීන් සංඛ්‍යාවක් වාර්තා වී ඇත්තේ ජූලි මාසයේ වන අතර එම සංඛ්‍යාව 29,978කි.

ඊට අමතරව ජුනි මාසයේදී රෝගීන් 21,533ක් ද, මැයි මාසයේදී රෝගීන් 8,590ක් ද වාර්තා වී ඇත.

දිස්ත්‍රික් මට්ටමින් සලකා බැලීමේදී වැඩිම ඩෙංගු රෝගීන් සංඛ්‍යාවක් ගම්පහ දිස්ත්‍රික්කයෙන් වාර්තා වන අතර එය සමස්ත රෝගීන්ගෙන් 21.21%ක් එනම් රෝගීන් 18,321වේ.

දෙවනුවට වැඩිම බලපෑමක් එල්ල වී ඇත්තේ කොළඹ දිස්ත්‍රික්කයට වන අතර එහිදී රෝගීන් 17,101ක් වාර්තා වී තිබේ.

මීට අමතරව මහනුවර දිස්ත්‍රික්කයෙන් රෝගීන් 6,032ක් මාතර දිස්ත්‍රික්කයෙන් රෝගීන් 5,848ක් සහ කළුතර දිස්ත්‍රික්කයෙන් රෝගීන් 5,633ක් වාර්තා වී ඇත.

අඩුම රෝගීන් සංඛ්‍යාවක් වාර්තා වන්නේ මුලතිව් දිස්ත්‍රික්කයෙනි.

පළාත් මට්ටමින් අධ්‍යනය කිරීමේ දී සමස්ත ඩෙංගු රෝගීන්ගෙන් අඩකටත් වැඩි ප්‍රමාණයක් එනම් 52.87%ක ප්‍රතිශතයකට අයත් රෝගීන් 45,675ක් බස්නාහිර පළාතෙන් වාර්තා වීම විශේෂත්වයකි.

ජනප්‍රිය පුවත්  ඉන්දීය මහකොමසාරිස් කාර්යාලයෙන් වෙනම මෙහෙයුමක්!

රෝගීන් 12,969ක් වාර්තා කරමින් දකුණු පළාත දෙවන ස්ථානයට පත්ව ඇති අතර, මධ්‍යම පළාතෙන් රෝගීන් 7,567ක් වාර්තා වී තිබේ.

පවතින තත්ත්වය හමුවේ දිවයින පුරා සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාස 137ක් තවදුරටත් අධි අවදානම් කලාප ලෙස හඳුනාගෙන ඇත.

එමෙන්ම මෙම වසර තුළ ඩෙංගු රෝගය හේතුවෙන් පුද්ගල මරණ 62ක් වාර්තා වී ඇති අතර, එහි රෝගී මරණ අනුපාතිකය සියයට 0.07%ක් ලෙස සටහන් වේ.

Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
0
Would love your thoughts, please comment.x
()
x