August 3, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

මහවැලි, කැලණි, කළු ගඟ ආශ්‍රිතව සැලකිය යුතු වර්ෂාපතනයක්

1 min read

ගතවූ පැය 24ක කාලය තුළ ලැබුණු වර්ෂාපතනයන් හමුවේ මහවැලි, කැලණි, කළු ගඟ ආශ්‍රිත ඉහළ ප්‍රදේශවලට සැලකිය යුතු වර්ෂාපතනයක් ලැබී ඇතැයි වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසයි.

එම දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ, ජල විද්‍යා හා ආපදා කළමනාකරණ ඉංජිනේරු එල්. එස් සූරියබණ්ඩාර මහතා පැවසුවේ මේ හේතුවෙන් එම ගංගාවල ජල මට්ටම් සීග්‍ර ලෙස ඉහළ ගොස් ඇති බවය.

ඒ අනුව මහවැලි ගඟ ඉහළ ප්‍රදේශය වන නාවලපිටිය, නානුඔය, වටවල වැනි ප්‍රදේශ වෙත මිලිමීටර් 200කට ආසන්න වර්ෂාපතනයන් සහ ඇතැම් ස්ථානවලට මිලිමීටර් 200 ඉක්මවා වැසි ලැබී ඇතැයිද ඒ මහතා පෙන්වා දුන්නේය.

මේ හේතුවෙන් නාවලපිටිය සහ පේරාදෙණිය අතර මහවැලි ගඟ ආසන්නයේ සිටින ජනතාවට ගංවතුර අනතුරු ඇඟවීම් පිළිබඳව දැනුම් දීමට පියවර ගත් බවත් මේ වන විට වතුර මට්ටම් සීග්‍රයෙන් වැඩි වීමක් පෙන්නුම් නොකළද සාමාන්‍ය වර්ධනයක් පෙන්නුම් කරන බවත් ඒ මහතා සඳහන් කළේය.

මෙම ගංවතුර තත්ත්වය දිට්වා ආපදාව තරම් වර්ධනයක් සිදුවිය නොහැකි බවට වාරිමාර්ග දෙපාර්තමේන්තුව අපේක්ෂා කරන බැවින් ඊයේ රාත්‍රියේ ඇතැම් ස්ථානවලට මිලිමීටර් 70 ඉක්මවූ වැසි ලැබීම හේතුවෙන් ක්ෂණිකව වතුර මට්ටම් වැඩිවීම තුළ මෙම තත්ත්වය දක්නට ලැබුණු බවද ඒ මහතා පෙන්වා දුන්නේය.

ජනප්‍රිය පුවත්  ගම්පහ ඔස්මන්ගේ පුතාගෙන් පෙත්සමක්

කැලණි ගඟ ඉහළ ප්‍රදේශය වන ලක්ෂපාන, නෝර්වුඩ් සහ ඒ ආසන්න ප්‍රදේශවලට මිලිමීටර් 100 -150ත් අතර වැසි වාර්තා වී ඇති බවත් ඒ අනුව කැලණි ගඟ ඉහළ ද්‍රෝණිය වන කිතුල්ගල ඇතුළු ප්‍රදේශවල ජල මට්ටම් ඉහළ යාමක් පෙන්නුම් කළ බවත් ඒ මහතා පෙන්වා දුන්නේය.

මේ වන විට එම ජල මට්ටම් අඩුවෙමින් පැවැතියත් ඇතැම් පහත්බිම් යටවීමේ අවදානමක් පවතින බැවින් හංවැල්ල සිට අවිස්සාවේල්ල දක්වා ප්‍රදේශය සහ විශේෂයෙන් අවිස්සාවේල්ල සහ කිතුල්ගල සහ නෝවුඩ් අතර පහත් ප්‍රදේශ ගංවතුර තත්ත්වයක් දක්වා වර්ධනය වීමේ හැකියාව පවතින බවත් ඒ මහතා සඳහන් කළේය.

කෙසේ නමුත් මෙම ජල මට්ටම් සීග්‍ර ලෙස වැඩි වීමක් පෙන්නුම් නොකරන බවත් නමුත් කැලණි ගඟේ පහළ ප්‍රදේශ වෙත ජල මට්ටමේ වැඩි වීමක් පෙන්නුම් කළ හැකි බවද පෙන්වා දුන්නේය.

මේ වන විට රත්නපුර ඉහළ ප්‍රදේශයේත් මිලිමීටර් 100කට ආසන්න වර්ෂාපතනයක් ලැබී ඇතැයිද ඒ හේතුවෙන් රත්නපුරය ජල මට්ටම අවදානම් මට්ටම දක්වා වැඩිවී තිබුණද විශාල වැඩිවීමක් පෙන්නුම් නොකරන බවද මේ හේතුවෙන් ඇතැම් පහත් බිම් යටවීමේ අවදානමක් පවතින බවද පැවසීය.

ජනප්‍රිය පුවත්  ඉන්ධන මෙ.ටොන් 29,000ක් ජනතාව ගබඩා කරගෙන.. මිල වැඩි කලේ හේතු ඇතිවයි..- මාලිමා මන්ත‍්‍රී

මේ අතර තෙත් කලාපයේ නිල්වලා, ගිංගඟ ඇතුළු අනෙකුත් ගංගාවන් මිලිමීටර් 50-75ත් අතර වර්ෂාපතනයක් දක්නට ලැබුණු නමුත් එය ගංවතුර තත්ත්වක් දක්වා වැඩිවීමක් අපේක්ෂා නොකරන බවත් මහ ඔය, අත්තනගලු ඔය ආශ්‍රිතව එතරම් වර්ෂාපතනයක් දක්නට නොලැබුණු බැවින් මේ හේතුවෙන් එම ප්‍රදේශ ආශ්‍රිතව ගංවතුර අවදානමක් නොපවතින බවද වැඩිදුරටත් අදහස් දක්වමින් සඳහන් කළේය.

Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
0
Would love your thoughts, please comment.x
()
x